Thursday, January 20, 2011

Posted by Dhammika Rohan Posted on 4:20 AM | No comments

Fiber optic තාක්ෂණය - ලිපිපෙල 7

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 7





ෆයිබර් ඔප්ටික් ලිපි මාලාවේ හත්වැනි ලිපියයි අද ඉදිරිපත් කරන්නේ. එසේම ෆයිබර් ටු ද හෝම් (FTTH)ලිපිපෙලේ දෙවැන්නයි . අලුත් තාක්ෂණයක් ගැන ඔයාලට කියලා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ හින්දා දන්න දේ නොපැකිල කියා දෙනවා. ඒත් මට වෙලාවකට හිතෙනවා අපේ කට්ටිය මේ ගැන ඉන්ටරෙස්ට් නැද්ද කියලත්. නැත්නම් තේරෙන්නේ නැති කමක් වගේවත්ද? හැබැයි මම දන්න තරමින් හොදට තමයි මේ පැහැදිලි කරන්නේ. කමක් නෑ ඉතින් දැනුම් පිපාසයෙන් පෙලෙන්නවුන් ඉන්නවා නම් බලා දැනුම ලබා ගනිත්වා. නේද? ඒ කොයි හැටි වෙතත් පහුගිය ලිපියෙන් FTTH යනු කුමක්ද යන්න පිලිබදව අපි කතා කලා මතක ඇති. මෙතනින් පහුගිය ලිපියට යන්නත් පුලුවන්. අද බලමු මේ තාක්ෂණයේ වාසි අවාසි හා ශක්ය තාවයන් පිලිබදව. ලෝකය පුරා නිවෙස් මිලියන දහයකටත් වඩා මේ තාක්ෂණයෙන් පල ලබා ගන්නවා.දැන් දැන් මැද පෙරදිගටත් මේ තාක්ෂණයේ සෙවනැල්ල වැටෙමින් තිබෙන බව මගේ මිතුරෙක් පැවසුවා. දැනට ඇති අනෙකුත් තාක්ෂණයන්ට සාපේක්ෂව ‍මෙවැනි Fiber based system එකක තියෙන වාසි වැඩි නිසා අපේ රටටත් මේ තාක්ෂනයේ පල ලගදීම ලැබෙනු ඇති. ඉතින් අපි බලමු මෙම තාක්ෂණයෙන් ගත හැකි Capabilities මොනවාද කියලා මුලින්ම.



1 වේගවත් සබදතාවයක් නිර්මාණය කිරීම - FTTH තාක්ෂණය වේගය පිලිබදව විශ්වාසය තැබිය හැකි තාකෂණයක්. මෙහි Data carrying capacity එක එනම් එකවිටකදී දත්ත ගෙනයාමට ඇති හැකියාව twisted pair conductors හෝ DSL හෝ coaxial cable වලට වඩා බොහොම ඉහල අගයකයි තියෙන්නේ. උදාහරණයක් විදිහට copper pair conductor එකක ගෙනියන්න පුලුවන් දුරකතන ඇමතුම් 6ක් පමණයි. නමුත් single fiber pair එකක දුරකතන ඇමතුම් මිලියන 2.5 කටත් වඩා ගෙනියන්න පුලුවන්. [source: Federal Communications Commission] ඉතින් මේ තාක්ෂණයෙන් කරන්න පුලුවන් දේවල් මේච්චරයි කියලා ලිමිට් කරන්න බෑ නේද.



2 ඉදිරි දශකයේදී ඇතිවන අන්තර්ජාල ඉල්ලුමට ඔරොත්තු දීමේ හැකියාව - FTTH කවුන්සිලය කියන ආකාරයට අඩු වියදමකින් හා විශ්වාසයෙන් යුතුව අනුමත කල හැකි තාක්ෂණයක් විදිහට මේ තාක්ෂණයේ පිහිට තමා තියෙන්නේ ඉදිරි දශකයේ ඇතිවන යෝජිත bandwidth ඉල්ලුම සපුරාගන්න නම්. මොකද මේ තාක්ෂණය පාරිභෝගික ඉල්ලුම මත ලාභ අපේක්ෂාවෙන් ව්යාතපාර ආදියටත් යොදාගත හැකියැයි FTTH කවුන්සිලය කියනවා. දැනටමත් ව්යාඅපාර දහස් ගණනක් තමන්ගේ ලෝක ව්යාාප්ත කටයුතු මේ තාක්ෂණය ඔස්සේ මෙහෙයවනවා.





3 පහසුවෙන් උසස් කල හැකිවීම හා අඩු වියදම - මෙවැනි Fiber based system එකක් පහසුවෙන්ම enhance කල හැකි අතරම දැනට පවතින අනෙකුත් technologies හා සමාන වියදමකින් හෝ සමහරවිට ඊටත් අඩු වියදමකින් establish කල හැක. FTTH Council එක කියන ආකාරයට පසුගිය දශකයේදී cable companies විසින් wire based system වලට කල වියදම හා සැලකීමේදී මේ තාක්ෂණයට අවතීර්ණවෙන එක ඩොලර් දහස් ගණනක් ඉතිරි කරනු ඇති.


4 දියුණුවන තාක්ෂණයක් මිස පහසුවෙන් නිමානොවෙන තාක්ෂණයක් වීම - මෙම FTTH එකක් තමන්ටම සුවිශේෂී වූ ආකාරයකට අන්තර්ජාල අවකාශය හසුරැවන බැවින් එහි ගුණාංග තවදුරටත් ඉහල දැමිය හැකි එයටම විශේෂිත වූ යම් උපකරණයක් ද අනාගතයේදී නිපදවිය හැක. එවැනි equipment එකකින් තත්පරයට ගිගාබයිට් 25ක් හෝ 30කට ආසන්න වේගයක් ලබා ගත හැකියැයි FTTH කවුන්සිලය පවසනවා. උදාහරණයක් ලෙසට රෑපවාහි‍නී විකාශයක් 3D ආකාරයට එනම් තාත්විත රෑප රාමු සජීවි බවකින් නැරඹීමේ හැකියාව ලැබා ගන්නත් පුලුවන් වේවි. එමෙන්ම නිවෙස්තුල සෑම උපාංගයක්ම අපිට දුර සිට අපි සිටිනා තැනක ඉදන් Remotey control කිරීමේ හැකියාව උදාවනු ඇති. ඉතින් දැනට භාවිතාවන wire based තාක්ෂණයන්ට එවැනි තාක්ෂණයක් අසලටවත් පැමිණිමට නොහැකියි.

5 අලුත් අදහස් අනුව නව නිර්මාණ ව්යානපාරික ලෝකයට ඇතුල්වීම - හිතන්න අපි විදුලිය හොයාගනිද්දී නිවෙස් එලිය කිරීමට එහාගිය අවශ්යනතාවයන් සපුරාගැනීමක් පිලිබදව ඒ අවදියේදී හිතන්න ඇත්ද. නෑ නේද. ඒත් දැන් විදුලිය අපේ entire life එකේ සෑම දෙයකටම අත්යාාවශ්යදයි. ඒ ඇසුරින් නිමැවුනු නිර්මාණ බොහෝයි. රැකියා ප්රමාණය අතිවිශාලයි. ඒ වගේ මේ Fiber based system එකක්පිලිබදවත් දැනට අන්තර්ජාලය සම්බන්ධ කරගෙනම හිතන්නේ නැතිව අවුටු ඔෆ් බොක්ස් හිතුවොත් බිහිවෙන්න තියෙන නව නිර්මාණ මෙතෙකැයි කියන්න බෑ.



6 එකවිටකදී සේවාවන් ගණනාවක් සදහා දොරටු විවර වීම - FTTH broadband connection එකකදී consumer හට communications services සියල්ලම "bundle" එකක් විදිහට ලබා ගත හැකියි. එනම් telephone, video, audio, television යන සේවාවන්ට අමතරව අනෙකුත් digital data streaming සේවාවන්ද මේ simple FTTH broadband connection එකක් හරහා ලබාගන්න පුලුවන්. උදාහරණයක් විදිහට පරණ “cable TV” කනෙක්ෂන් එක වෙනුවට higher streaming cable TV සබදතාවයක් ලබාගත හැකියි.



මෙපමණ වෙලා අපි කතා කලේ FTTH broadband connection එකකදී අපිට ලබා ගත හැකි ශක්ය තාවයන් මොනවාද යන්නයි.ඉතින් ඉහත දැක්වූයේ එවැනි කිහිපයක් පමණයි. තවත් තිබෙනවා. දැන් අපි බලමු wire based system එකක් හා Fiber based system එකක් කම්පෙයාර් කිරීමේදී Fiber based system එකකින් ලැබිය හැකි වාසි මොනවද කියලා.



1 Better quality voice services - ඉහල ගුණාත්මයෙන් යුත් ඇමතුම් ලබා ගත හැකි වීම.


2 Higher quantity and quality video services - copper network එකක් හරහා පැමිණෙන video එකකට වඩා අන්කර්ගතය හොද හා ගුණාත්මය වැඩි video services එකක් ලබා ගැනීමේ හැකියාව.


3 Home Video Access to Association Meetings - Local Area Network එකක් තුලදී ඉහල අගයකින් යුත් Video conferencing සේවාවක් ලබා ගැනීමේ හැකියාව. මෙයට Home Video Security system එකක්ද අයත් වේ.CCTV කැමරා පද්ධතියක් දියුණු තලයකට උසස් කොට ගෙන ඒමට මෙමගින් හැකිය.

4 Interactive virtual “office visits” - දුර සිට තමන්ගේ කාර්යාල කටයුතු සෝදිසි කර සොයා බලා ඉටු කිරීම.


5 virtual classroom - මෙයට Virtual parent/teacher conferences, classes in local universities ආදිය අදාල වේ. දුර සිටින guest lecturer කෙනෙක්ට තමන්ගේ මෙහෙයුම් සිටින තැන සිටම ඉටු කොට ගත හැක.




6 Work-at-Home - FTTH එක තුලින් නිවෙස තමන්ගේ රාජකාරිමය ස්ථානය බවට අනාගතයේදී පත්වනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.



7 On-line Game Playing - ඉහල ගුණාත්මයෙන් යුතු තාත්වික පරිගණක ක්රීඩා තමන්ගේ පරිගණකයට බාගත නොකොට සයිබර් අවකාශය තුලදීම play කල හැකි වීම. එම පරිගණක ක්රීඩා වල රෑප digital data higher streaming යටතේ Delay වීමකින් තොරව ප්ලේ වනු ඇති.



8 Sharing Personal Pictures / Videos - high-quality digital pictures සහ videos සයිබර් සපේස් එන තුලදී තමන්ගේ පරිගණකයේ ඇති එක් පාටිෂන් එකකින් තවත් පාටිෂන් එකකට කොපි කරනවා වැනි වේගයකින් Sharing පහසුකම ලබා ගැනීමට හැකිවීම.



9 Video Surveillance - Swimming pool monitoring, Peace of mind when only one person is at home (උදා- Nanny-cam / babysitter-cam) ආදින් යටතේ වීඩියෝ කැම් එකක් අධාරයෙන් පරීක්ෂා කිරීම් ඉටු කොට ගතහැකි වීම.



10 Web-connected video players - Internet video shift from PC’s to living room TVs සහ එම වීඩියෝ Apple TV, iPOD, X-BOX තුලට ලබා ගැනීම.



11 Internet video distribution - උදාහරණයක් ලෙසට Olympic coverage එකකදී අති විශාල කවරේජ් එකක් පහසුවෙන් maintain කිරීමේ හැකියාව දැක්විය හැක. තමන්ගේ වටපිටාවක හෝ කාර්යාලයක සිදුවන යම් කිසි event එකක් මේ ආකාරයට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ Live streaming කල හැක.


ඉතින් තවත් නොකී වාසීන් ‍මෙවැනි සබදතාවයකින් නිවසකට ලබාගන්න පුලුවන්. මෙය හදුන්වන්න පුලුවන් හොදම විදිහ තමයි potential bandwidth එකක් ලබාගත හැකි enhance කල හැකි virtually unlimited සබදතාවයක් විදිහට. තවත් ලිපියකින් මුණ ගැහෙන තුරැ සැමට ජය...



Wednesday, January 12, 2011

Posted by Dhammika Rohan Posted on 12:32 AM | No comments

Fiber-Optic තාක්ෂණය - ලිපිපෙල 6

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 6




 සන්නිවේදනයේදී සම්ප්ර්දායික වයරයට වඩා fiber optics වේගවත් වෙන්නේ විද්යුකතය වෙනුවට ඒ හරහා ගමන් කරන්නේ light signal එකක් නිසා. මේ හේතුවෙන් දැන් දැන් optics-based systems නිවෙස් ආක්රමණය කිරීමටත් පටන් අරන්. ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යටකේ මම ඉදිරිපත් කරන ලිපි මාලාවේ තවත් පියවරක් අද ඉදිරියට යන්නයි හදන්නේ. එහෙනම් අපි broadband network architecture එකක් තුලදී ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේ යෙදවීම් කෙසේදැයි හදුනාගනිමු. අද මාතෘකාව optics-based FTTH කනෙක්ෂන් එකක් යනු කුමක්ද යන්නයි. මෙතෙක් පල කල ලිපි මාලාවෙන් Optical Fibers යනුවෙන් හදුන්වන්නේ කුමක්ද, ඒවා අතර වෙනස, optical fiber වල භාවිතය, Total Internal Reflection යනු කුමක්ද, Fiber-Optic Relay System එකක් යනු කුමක්ද, ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන වාසි අවාසි හා ආර්ථිකමය ලාබයන් මොනවාද ආදිය පිලිබදවත් පහුගිය ලිපියෙන් Optical fibers නිපදවන්නේ කොහොමද කියලත් සැකෙවින් විස්තර කලා. කලා. ඉතින් මේ සම්බන්ධව අවබෝධයක් නැති කෙනෙකු ලිපි පෙල මුල ඉදන් කියවලම එනවනම් හොදයි මං හිතන්නේ. අද කතා කරන්න යන්නේ fibers වල භාවිතය ගෙදරදොරේදී සිදුවෙන්නේ කොහොමද කියන එක පිලිබදවයි. එය FTTH (Fiber-to-the-home) ලෙස හදුන්වනු ලබනවා. මෙහිදී මෙයටම ෆැමිලියර් වුන තවත් ටෙක්නලජීස් තියෙනවා.





1. Fiber-to-the-node (FTTN) - ෆයිබර් කනෙක්ෂන් එක යූසර් වෙත නොඇවිත් street cabinet එකකින් නිවසට කිලෝමීටර් ගණනක් මෙහායින් මාර්ගයේ තැනක නතර වී ඉන් එහා දුර (නිවස දක්වා) copper වයර් එකකින් සම්බන්ධ කරයි.

2. Fiber-to-the-cabinet(FTTC) - ෆයිබර් කනෙක්ෂන් එක යූසර් වෙත නොඇවිත් street cabinet එකකින් නිවසට මීටර් කිහිපයක් මෙහායින් මාර්ගයේ තැනක නතර වී ඉන් එහා දුර (නිවස දක්වා) copper වයර් එකකින් සම්බන්ධ කරයි. FTTN වලට සමාන ආකාරයකි.

3. Fiber-to-the-Building (FTTB) - ෆයිබර් කනෙක්ෂන් එක නිවාස සංකීර්ණයකට ලබා දීම මෙමගින් සිදු කරයි.

4. Fiber-to-the-Premises (FTTP) - FTTH තාක්ෂණයට සමාන ආකාරයකි. නිවෙස් සදහා භාවිතා කරයි.





මේ සියල්ලම FTTH වලටම similar වූ තාක්ෂණයන්.ඉතින් අනෙක් ටෙක්නලජීස් FTTH වලට වඩා වෙනස් වෙන්නේ ඉතා පොඩි වෙනසකින් නිසා අපි FTTH ගැන කතා කරමු.

පොඩ්ඩක් හිතන්න පහුගිය වසර කිහිපය තුලදී ඔබේ අන්තර්ජාල භාවිතය කොහොමද පරිණාමය වුනේ කියලා. එදා මුල්ම අවදියට වඩා දැන් අවශ්යොතා වැඩියි නේද?මුලින්ම mail එකක් බල බලා හිටිය ඔබ දැන් ගොඩක් ඇඩ්වාන්ස් වෙලා සින්දු, පින්තූර ඩවුන්ලෝඩ් කරන්න අප්ලෝඩ් කරන්නත් පටන් අරගෙන. ඒ මදිවට ෆිල්ම් උණක් තියෙනවනම් ෆිල්ම්ස් බාන්නත් පුරැදුවෙලා ඇති. ඉතින් අපේ අන්තර්ජාල භාවිත සීමාව අපි හිතනවටත් වඩා ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒත් ඉතින් වැඩිවෙලා තියෙන්නේ අපේ අවශ්ය තා මිසක් ඒ කියන්නේ trend of usage මිසක් technology එක increase වෙලා නෑ. මේ සම්බන්ධව විශේෂඤයින් කියන්නේ මේ විදිහට ගියොත් ඉදිරි වසර කිහිපය තුල Internet traffic එක ඔලුව උස්සන්න බැරිතරමට ඉහල යයි කියලා. ඉතින් මේ පීඩනයත් එක්කම එයින් මිදෙන්නට මාන බලන providersලා කල්පනා කරලා බැලුවා ෆයිබර්ස් මාර්ගයෙන් මේකට හොද විසදුමක් ගන්න පුලුවන් නේද කියලා. ඒ කියන්නේ පොටෙන්ෂල් සොලූෂන් එකක් නිර්මාණය වෙනවා මෙහිදී, දියුණු කල හැකි තාක්ෂණයක් නිසා. පහල තියෙනවා වීඩියෝ එකකුත්. එහි multi devices භාවිතා කරලා optics-based system එකක භාවිතය දක්වා තිබෙනවා. බලන්න එහි පරිගණකයේ ස්ට්රීමින් වෙන වීඩියෝ එක දිහා. කිසිදු ආකාරයක delay වීමක් නැතිව එය කොපමණ හොද වේගයකින් එය රිට්රීව් වෙනවාද කියලා.






මේ ආකාරයට උපරිම පර්ෆෝමන්ස් ගන්න පුලුවන් කනෙක්ටිවිටි එකක් විදිහටයි මේ fiber-to-the-home broadband connections විද්වතුන්ගේ මොලගෙඩිවලින් එලියට ආවේ. ඉතින් මේ Fiber-to-the-home broadband connections එහෙමත් නැත්නම් FTTH broadband connections අනුමත කරනවා නිවෙස් වල භාවිතයට. මේ optics-based system එකක ඩිජිටල් ආකාරයේ දත්ත සමූහයක් transfer කල හැකියි කියලා ඔයාල දන්නවා දැනටමත්. උදාහරණයක් විදිහට telephone, video, data ආදී දත්ත ඩිජිටල් ආකාරයෙන් ආලෝක සංඥා උපයෝගී කරගෙනයි මේ තුලින් ගෙනියන්නේ. ඉතින් එෆිෂන්සි එක ගොඩක් වැඩියි traditional copper හෝ coaxial cable වලට වඩා. FTTH broadband connections දැනටමත් ඇමරිකාවේ මිලියන එකකට වඩා භාවිතා කරනවා. ලෝකය පුරාම ගත්විට මිලියන දහයකට වඩා මේ තාක්ෂණයෙන් පල ලබා ගන්නවා. බොහෝ දෙනෙකුගේ අදහස තමයි මේ නව තාක්ෂණය forecasted Web traffic jam (අන්තර්ජාල තදබදය අඩුකිරීමේ හැකියාව) සදහා කදිම තාක්ෂණයක් වන බව. ඉතින් අපි තවත් ලිපියකින් මෙහි වාසි අවාසි හා කොහොමද මේ FTTH broadband connection එකක් වැඩකරන්නේ කියන එක පිලිබදවත් කතාකරමු.

.

http://www.youtube.com/watch?v=z2rNyXGPqKk&feature=player_embedded

Thursday, January 6, 2011

Posted by Dhammika Rohan Posted on 3:04 AM | No comments

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 5

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 5






අපි දැන් දන්නවා කොහොමද fiber optic system එකක් වැඩ කරන්නේ සහ ඇයි ඒවා නව තාක්ෂණයත් එක්ක ගොඩක් වැදගත්වෙන්නේ කියන එක. අද බලමු කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ කියලා. Optical fibers නිපදවන්නේ very pure optical glass වලින් කියලා දැනටමත් ඔයාලා දන්නවා. අපි සාමාන්යන වීදුරැවක් එය සිහින් වන තරමට විනිවිද පේනවා යැයි නිගමනය කලොත් , අපිරිසිදු සිලිකන් වලින් නිමවූවක්නම් එය අපැහැදිලිතාවයෙන් තිබෙනු ඇති. Optical fibers වුවත් එසේමයි. භාවිතා කරන අමුදුව්යැ අපිරිසිදුනම් එහි ගුණාත්මකභාවයත් අඩුයි. ඉහල ගුණාත්මයෙන් යුත් ෆයිබර් නිපදවීමේ හැකියාව තවමත් ඇත්තේ ඇමරිකාව ඇතුලු බලවත් රටවල් කිහිපයකටයි. ෆයිබර් ඔප්ටික් කේබලයක් නිපදවීමේදී පියවරයන් තුනකට එය සිදු කරනවා.

1. හිස් වීදුරැ සිලින්ඩරයකට mixed gas යෙදවීම (Making a preform blank glass cylinder)

2. එම වීදුරැ සිලින්ඩරය මාර්ගයෙන් ඔප්ටිකල් ෆයිබර් කේබල්ස් ඇදීම (Drawing the fibers from the preform)

3. ෆයිබර් කේබලය පරීක්ෂා කිරීම (Testing the Finished Optical Fiber)



හිස් වීදුරැ සිලින්ඩරයකට mixed gas යෙදවීම (Making a preform blank glass cylinder) -

මෙම ක්රියාවලිය Modified Chemical Vapor Deposition(MCVD) ලෙසින් හදුන්වනවා. මෙහිදී නිපදවන හිස් වීදුරැ සිලින්ඩරයේ කවයේ විෂ්කම්භය එයට භාවිතාකරන සම්මත තත්වයන් යටතේ විශාලව නිර්මාණය කරනවා. MCVD හිදී නිපදවන වීදුරැ සිලින්ඩරයේ කවය 40cm ක් පමණ වනවා. මේ MCVD ක්රියාවලියේදී මෙසේ නිර්මාණය කරගන්නා ටියුබයට ඔක්සින් වායුව, silicon chloride (SiCl4) හා germanium chloride (GeCl4) සමග පෙනනැගෙන්නට සලස්වා ඉන් ඇතිකරන හුමාල වාෂ්පය (mixed gas) විශේසිත වූ කෘතිම ටියුබයක් හරහා විශේෂ පට්ටලයක් ඔස්සේ(lathe මැෂීන්) හිස් වීදුරැ සිලින්ඩරය තුලට (inject) පොම්ප කරයි. මෙය තේරැම් ගැනීමට රෑපය භාවිතයට ගන්න.



නියමිත මිශ්රණයන් එක්වසිදු කරන මෙම කාර්යයේදී කෘතිම ටියුබය හරහා පැමිණෙන වායුන්ට අමතරව අධික තාපයක් නිකුත් කරන ගිනිදැල් (hydrogen burner torch) කිහිපයක්ද මෙම වීදුරැ සිලින්ඩරය පිටතින් lathe එකේ මූව්මන්ට් එනට අනුකූලව ගමන් කරයි. මෙම hydrogen burner torch එක මගින් ටියුබයේ ඇතුලත තෙරපෙමින් තිබෙන mixed gas එක 1900kelvin ආසන්න උෂ්ණත්වයකින් heat කරයි. මේ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරගැනීමට පහත videos ද උපකාරීකර ගත හැක. මෙසේ පිටතින් ලබාදෙන මෙම ගිනිදැල්මගින් විශේෂ වූ කාර්යන් දෙකක් බලාපොරොත්තු වේ.



1. silicon සහ germanium ප්රතික්රියා කර silicon dioxide (SiO2) හා germanium dioxide (GeO2) බවට පරිවර්තනය කිරීම.

2. එම silicon dioxide (SiO2) හා germanium dioxide (GeO2) ටියුබය අභ්ය්න්තරයේ තැන්පත් වී එක්ව ටියුබය නිර්මාණය කිරීම.









ඉතින් මෙසේ මෙම ක්රියාවලිය පැය කිහිපයක් තිස්සේ සිදුවන automated system එකකි. ඉන්පසුව නිමවූ වීදුරැ සිලින්ඩරය සිසිල් වූ පසුව එහි තත්ව පරීක්ෂාව සිදුකරයි.


වීදුරැ සිලින්ඩරය මාර්ගයෙන් ඔප්ටිකල් ෆයිබර් කේබල්ස් ඇදීම(Drawing the fibers from the preform)-



තත්ව පරීක්ෂාව සිදුකරන ලද නිමවූ වීදුරැ සිලින්ඩරයෙන් ෆයිබර් නිර්මාණය කරගැනීමේ කාර්යයි මීලගට තිබෙන්නේ. මෙය හරියටම කොහු වලින් කඹ හදනවා වගේ ක්රියාවලයක්. මෙයට fiber drawing tower නම් වූ උපකරණය භාවිතා කරයි. මෙම fiber drawing tower එක බොහෝවෙලාවට සිරස් එකකි. මෙම රෑපයෙන් දක්වා ඇත්තේ එයයි. මේ සදහා නිමවූ වීදුරැ සිලින්ඩරය fiber drawing tower එකක ඉහලින් ස්ථානගත කරන්නේ එහි මුල් කෙලවර 2000 degreesක පමණ උෂ්ණත්වයක් ලබා දෙන furnace එකක (උදුන) බහාලමිනි මෙම උදුනේදී රත්වෙන (melted) වීදුරැ සිලින්ඩරය ගුරැත්වාකර්ෂණය නිසා බිදුව බැගින් නොකඩවා පහලට ලබා දෙන්නේ වීදුරැ වලින් නිමවූ flexible කූරක් ආකාරයෙනි. මෙසේ පහලට වැගිරෙන්නේ දියාරු ද්රපව්යෙයක් වූ වීදුරැ බටයයි. මෙසේ පහලට එන සිහින් වූ නූලක් වැනි වීදුරැව එහි පිටත ආලේපය තුලින්විත් UV light උදුනක් හරහා ගමන්කර අවසානයේදී මෝටරයකින් ක්රියාකරන සිලින්ඩරාකාර නූල් රෝදයකට (cylindrical fiber spool) එතෙයි. මෙය සම්පුර්ණයෙන්ම automated system එකකි. මෝටරය මගින් ඉතා සීරැවෙන් රත්වූ වීදුරැ සිලින්ඩරයෙන් මෙම ෆයිබර් වීදුරැ ලනුව ඇදගනී. මෙහි විශ්කම්භය laser micrometer එකක් මගින් පාලනය කරයි. මෙම drawing motor එකේ ෆයිබර් කේබල් එක අදින වේගය 15 meters/second වේ. මෙසේ තනි නූල් රෝදයකට 20kmකට ආසන්න දුරක් රැගත් තනි ෆයිබර් කේබල් එකක් ඇදගත හැක.



ෆයිබර් කේබලය පරීක්ෂා කිරීම (Testing the Finished Optical Fiber) -

සන්නිවේදනයේදී බොහෝදුරට පාවිච්චි කරන්නේ ඉතා හොද ගුණාත්මයෙන් යුත් optical fiber වර්ගයි. ඉතින් ඒ සදහා මෙසේ නිපදවන ෆයිබර්ස් ඉහල ගුණාත්මයෙන් යුතු ඒවාදයි පරීක්ෂා කරගත යුතුයි. හොද optical fiber එකක පහත ගුණාංග තිබිය යුතුයි. information carrying bandwidth එක core එක මත රදා පවතින නිසා core diameter, cladding dimensions සහ coating sizes සම්මත තත්වයේ තිබිය යුතුයි. විශේෂයෙන්ම multi-mode fibers වලදී සංඥා එකකට වඩා ගමන් කරද්දී දෝෂ ඇතිවේදැයි පරීක්ෂා කරගත යුතුය.

විවිධ තරංග ආයාමයන් යටතේ ආලෝක සංඥා විස්තාරනය වනවිට එහි ප්රබලත්වය පහත නොවැටෙනබවට නිර්ණය කර ගත යුතුයි.



1 විවිධ තරංග ආයාමයන් core එක තුල පැතිරිය හැකි බව.

2 භාවිතයේදී උෂ්ණත්වයෙන් හා ආර්ද්රතතාවයෙන් (temperature and humidity) ගැටලුවක් නොවන බව.

3 උෂ්ණත්වය සංඥා ප්රබලත්වය යන සාධකය මත රදා පවතින්නේද යන්න.

4 ගැඹුරැ ජලයේදීත් ආලෝක සංඥා ගමන්කල හැකිද යන්න. (Ability to conduct light underwater)මෙය undersea cables සදහා වැදගත් වේ.




මෙම තත්ව පරීක්ෂණයෙන් සමත් වූ ෆයිබර් ඔප්ටික් කේබල්ස් telephone companies, cable companies සහ network providers හා විශේෂ ගැනුම්කරැවන්ට අලෙවි කිරීම සිදුකරනු ලබයි. වර්තමානය වනවිට බොහෝ සමාගම් තමන්ගේ පැරණි කේබල් පද්ධතීන් (copper-wire-based systems) ඉවත් කර මෙම නව තාක්ෂණයට නැඹුරැවෙමින් සිටින්නේ මෙහි ඇති වේගය, ධාරිතාවය හා පැහැදිලි බව ඉහල මට්ටමක ඇති නිසායි. ගැටලු ඇත්නම් ඒව අහන්න වෙනදා වගේම අවස්ථාව තියෙනවා.

http://www.youtube.com/watch?v=u1DRrAhQJtM&feature=player_embedded