Monday, April 11, 2011


           පරිගණක  ජාලකරණය ලිපි පෙල පමා වීම සම්බන්ධව  හැමදම බලන යාලුවො මගෙන් ඒ සම්බන්ධව විමසලා තිබුණා. විමසල කීවට මොකද සමහරැනම් මට ‍කේස් ෆයිල් කරලයි මැසේජ් කරලා තිබ්බේ. අහිතක් හිතන්න එපා  ජාලකරණය ලිපිපෙල පමා වීම සම්බන්ධව. මට මේ දවස්වල කුඹුරැ වැඩත් සෙට් වෙලා තියෙන්නේ. අපි ඉතින් කුරැණෑගල පැත්තේ ගැමියොනේ. මේ පාර නම් මට හිතේ හැටියට රස්තියාදුවක්වත් ගහන්න ලැබුනේ නෑ තවම .
   ඉතින්  අපි අවසානෙට නැවැත්වුවේ  TCP/IP යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදව කතාකරලා. ඊට පෙර ලිපිවලදී මෙහිම basic concepts කතාකලා මතක ඇතින්.අද කතා කරන්න යන්නේ TCP/IP Protocolසහ Layers සම්බන්ධව තවත් තොරතුරැයි. ඒ වගේම  TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය පිලිබදවත් කතාකරන්න අදහසක් තියෙනවා. 
 මම මිට පෙර සදහන් කල ආකාරයට සෑම TCP/IP Layer එකකට එයටම අදාල වු TCP/IP Protocol  තිබෙනවා විවිධවූ  කාර්යයන් සදහා. ඔයාල දන්නවනේ Application ,Transport, Internet, Link යනුවෙන් TCP/IP Layer හතරක් ඇතිබව  අපි ඒවා වෙන් වෙන්ව ගෙන විමසා බලමු. ඒ සදහා මේ රෑපසටහනත් උපකාරී කරගන්න. මෙහිදී Application Layer එකට අදාලව බහුලව භාවිත‍යට ගැනෙන  Protocols හයක් තිබෙනවා. මා මෙහිදී ඉතා සරලව නමුත් සවිස්තරාත්මකව මෙම Protocolයන් පිලිබදව වමසා බැලීමටයි මේ සූදානම. ඒ සදහා රෑපසටහන්ද උපයෝගී කරගන්න. මේ අප විමසා බැලීමට යන්නේ Application Layer එකට අදාල ‍ප්රොටෝකෝලයන් පිලිබදවයි. මේ  Protocol කියලා සිංහලෙන් හරියටම ටයිප් කරන හැටි දන්න කවුරැහරි ඉන්නවනම් මට කියලා දෙනවද. ට්‍රයි කලා ට්‍රයි කලා මට බැරිවුනානේ  ඒත්. "ප්රො" යන්න තමා ගන්න බැරි. 
1 HTTP - Hyper Text Transfer Protocol - 
 මෙය වනාහි අන්තර්ජාලය ඔස්සේ දත්ත ගමන් කිරීමට ගන්නා  Protocol ලෙස හැදින්විය හැක. මෙම HTT Protocol එක කිහිප විටක්ම වර්ෂන්ස් ලෙසින් විකාශය වී තිබෙනවා. උදාහරණ විදිහට HTTP 0.9/1.0 සහ HTTP 1.1 කියන්නෙත් ඒ ආකාරයේ විකාශනයන්. මෙම  Protocol එක  ප්‍රචලිතවීමට බලපෑ හේතුඅතර සරල සහ වේගවත් Protocolලයක් වීමත්විවිධ ආකාරයේ media types වලට support කිරීමත්, HTML format එක deployment format එක ලෙස භාවිතාවීමත්, OOC සාධකයත් යනාදිය(OOC යනු open, operation, close යන ආකාර තුන හදුන්වන කෙටි නමයි. HTT Protocol එක deployment format එක ලෙස භාවිතාවීමත් වෙගවත් වීමට මෙම සාධක තුන ඉවහල් වේ) මූලිකව දැක්විය හැකියි. 
2 FTP - File Transfer Protocol - 
මෙම Protocolයෙන් මූලික වශයෙන්ම සිදු කරන්නේ ජාලගත පරිගණක අතර හුවමාරැවන දත්ත අවශ්‍ය තැනට ගමනාන්තයට ගෙනයාමයි. 
3 SMTP- Simple Mail Transfer Protocol - 
මුලින්ම මම විද්‍යුත් ලිපියක් සදහා පොඩි පැහැදිලි කිරීමක් ‍දුන්නොත් විද්‍යුත් ලිපියක් යනුවෙන් අප හදුන්වන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා යවන sender address, receiver address, other information , Mail Header, Mail Body යනාදියේ සුසංයෝගයක්.ඉතින් මෙම Protocolය විද්‍යුත් ලිපි හුවමාරැව සදහා භාවිතා කරන Protocolයයි. මෙය 1982 දී හදුන්වාදෙන ලද්දක් වන අතර ජාලයක් ඇතුලතදී විශ්වාසවන්තව හා කාර්යක්ෂමව විද්‍යුත් ලිපි හුවමාරැව සදහා ඉඩ සලසා දෙයි.  SMT Protocolය සදහා SMTP clients සහ servers යනුවෙන්  දෙදෙනෙක් සිටින අතර ඒවාටත් User Agents(Prepares the message, encloses it in an envelope - Eudora for example) සහ  Mail Transfer Agent(Transfers the mail across the internet) යනුවෙන් තවත් දෙදෙනෙක්ගේ සහය ලබා ගනී. 
4 DNS - Domain Name System - 
මේ පිලිබදව නම් නතාකල යුතු නෑ. හැමෝම දන්නවා ඇති. මෙම Protocolය මගිනුයි අපේ host address එකට අපිව සම්බන්ධ කිරීම සිදුකරනු ලබන්නේ. එනම් මෙසේ යම් කිසි object එකක් naming කිරීමේ අරමුණ වනුයේ එහි නම(address) මතක තබා ගැනීමටත්, number එකක් මතක තබා ගැනීමට වඩා නම හෝ ලිපිනය මතක තබා ගැනීම පහසුවීමත් ආදී තවත් කරැණු කාරණා හේතුවෙනි. DNS එකකදී නමක් දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි. මෙය fully Qualified Domain Name (FQDN) ලෙස 
හැදින‍්වෙනවා.
WWW.NIC.OR.JP 
නමුත් මෙහි IP එක 202.103.12.52 විය හැකියි.
මිනිසා විසින් ඉහත name address එක භාවිතා කරන නමුත්  පරිගණක එය මගින් හදුනාගන්නේ IP එක මගිනි. 
5 RIP - Routing Information Protocol - 
RIP යනු වේගවත් සහ දුර දෛශිකය කරගත් Protocolයක්. මෙම Protocolය  හරහා routers මගින් එම routing information හුවමාරැ කරගැනීම සිදුකරනවා.
6 SNMP- Simple Network Management Protocol - 
මෙමගින් අපට ජාලය තුල භාවිතයට ගැනෙන servres සහ අනෙකුත් උපාංගවල හැසිරීම කලමණාකරණය කරගැනීමට උපකාරීවේ.
        අද මෙතැනින් පාඩම අවසන් කරන්නයි යන්නේ. මීටත් වඩා විස්තර කරන්න හිතුවත් අද වෙලාව මදි. තව ටිකක් උදේම නැගිට්ටා නම් අද තවත් ටිකක් ලියන්න තිබුණා. උදේම මාව ඇහැරැනෙත් මේ හදිසි මැසේජ් එකකින්. ඒ නැත්නම් මට අදත් මේ ලිපිය දාන්න වෙන්නේ නෑ. ඉතින්  ඊලග  ලිපියෙන් හමුවනතුරැ ඔබට ජය...ගැටලු ඇත්නම් යොමුකරන්න සහ අඩුපාඩු හා අපැහැදිලි තැන් ඇත්නම් පෙන්වා දෙන්න වෙනදා වගේම.