Monday, August 1, 2011


පරිගණක ජාලකරණය පාඩම 11 - Make a patch cord yourself...

                      පහුගිය ලිපියෙන් Network Devices ගැනයි කතා කලේ. හා බැදුනු Router, Hub, Bridge, NIC ගැන වැඩිය හිතන්න එපා. ජාලකරණයේදී භාවිතාකරන මොකක් හෝ උපාංගයක් කියලා මතක තියාගන්න. ඇති. පසුව උපාංග පිලිබදවත් වෙනම ලිපියකින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයේ Straight-through Cable එකක් හදාගන්න ආකාරය අපි බලමු.  මෙය අපි කේබලය කනෙක්ට් කරන ආකාරය අනුව T-568B ලෙසින් හදුන්වනවා. එතකොට  Crossover Cable එකට කියන්නේ T-568A කියලයි.  ඉතින් අපි බොහෝව්ට  Straight-through Cable එකක පාවිච්චියට ගන්නේ 1,2,3 සහ 6 යන කේබල් හතරයි. එනම් White Orange, Orange, White Green, Green යන කේබල් තමා දත්ත Recieve කිරීමටත් Transmit කිරීමටත් යොදාගන්නේ. අනිත් ඒවා Reserved(විශේෂයෙන් නියමිත කාර්යයකට නම් නොකල අවශේෂිත ඒවා) ලෙසින් හැදින්විය හැකියි.  ඒවා යොදාගන්න පුලුවන් අවස්ථාත් තියෙනවා. අපි හිතමු  හදිසියෙවත් අපිට සදහන් කල කේබල් වලින් 3වෙනි එක වැඩ කරන්නේ නෑ කියලා. එතකොට අපි ඒක Multi Meter එකකින් හෝ  Cable Tester එකකින් හරියටම නිර්ණය කරලා ඉතිරිවෙලා තියෙන Reserved කේබල් එකක් (4,5,7,8 වගේ එකක්) වෙනුවට යොදන්න පුලුවන්.

1  Cable Strippers එක  හෝ crimp tool එක අරගෙන අවශ් දිගට කේබලය කපා ගන්න.
උදා 2M යනුවෙන් අනුමාන කරමු.


2 දැන්  internal wiring එකට හානියක් නොවෙන පරිදි  කේබලයේ කෙලවර සිට අගල් එකක් හෝ එක  හමාරක් (Recommond to 1 inch) පමණ දුරකට Outer jacket එක සීරැවෙන්  ඉවත් කරන්න.  ඇතුලත එක් කේබලයක් හෝ කැපී ගියොත් අපේ කාර්ය  සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා.  ඇතුලත කේබල කැපී ගියොත් ආයෙත් මුල ඉදලම පටන් ගන්න. මේවගේ දෙකෙලවරේම  සිදුකල යුතුයි.


3 දැන් ඔයාලට දකින්න හැකිවේවි වයර් pairs 4ක්. මෙහෙම කීවට අවුලක් ඇත්තෙම නැතුව ඇති. මොකද ඔයාලටමතක් වෙනවා ඇති  මේ කේබල් එක දකිද්දීම color code එකත්. මේ වයර යුගල හතර පාට හතරකින් හා එයටම සමාන සුදු මිශ් වයර හතරකුත් සමගයි අටක් හැටියට ගනන් ගැනෙන්නේ.  දැන් මේ  twisted Pairs හතර untwist කරගන්න. එතකොට වෙන වෙනම කේබල් අටක් එනවනේ.


5 දැන් ඉහත රෑපයේ ආකාරයට පිලිවෙලින් White orange වලින් පටන් අරගෙන  Brown වලින් අටවෙනි එක අවසන් වෙන විදිහට කේබල්ස් ටික පිලිවෙලින් තබාගන්න. දැන් ආයෙත් කේබල එක සමාන උසට නැතුව ඇති. නිසා  straight line එකකට ටික එකපාරින්ම කපා ගන්න.


6 රෑපයේ ආකාරයට  RJ-45 plug එකේ ක්ලිප් එක පහල අතට තියෙන විදිහට අල්ලාගෙන වයර් අටම කනෙක්ටරය ඇතුලට රිංගවන්න. කනෙක්ටරය දිහා ටිකක් විපරමෙන් බැලුවොත් පෙනේවි කේබල අටට හරියන්න little corridors අටකුත් තියෙනවා. ඉතින් මේ හැම corridor එකකම අනෙක් කෙලවර ස්පර්ශවන සේ කේබල අට යැවිය යුතුයි. හරි ගියේ නැත්නම් ඇදල අරන් ආයෙත් පිලිවෙලට ගලපගෙන උත්සාහ කරන්න. කේබලයටම වෙන් වූ corridor එක දිගේ කේබලය යැවීමට වගබලාගන්න. එසේ නිවැරදිව එය සිදුවුනානම්  RJ-45 jack එක crimp tool එකේ RJ 45 එකට අදාල කවුලුවට දමා තදින්  stick කරගන්න.


7  දැන් හදාගත් කේබලය පිටතින් බැලුවාම මේ වගේ  corridor අටේම කෙලවරවල්  කේබල් වලින් ස්පර්ශ වෙලා තියෙනවද කියලා බලන්න. දෙකෙලවරටම කනෙක්ට් කලා නම් දැන් කේබලය ok. Mac device සහ Non Mac device  දෙකක් ලග තියේ නම් ඒවායේ port වලට කේබලයේ අග් සම්බන්ධ කර බලන්න කේබලය වැඩද කියලා.  එහෙම නැත්නම් ඒක පරීක්ෂාකරගන්න Cable Tester  නම් උපකරණය ලග තියෙනව නම් තවත් ලේසියි.  Cable Tester එකේ RJ 45  port වලට කේබලය in කරලා ලොකු බට්න් එකක් තියෙනවා ඒක press කලාම චෙක් කරගන්නත් පුලුවන්. කේබල් එකක් හෝ වැඩ කරන්නේ නැත්නම් මොන කේබලයද කියලත් ඒකෙන් indicate කරනවා. පරිගණක ජාලකරණයේ යෙදෙන කාර්මිකයින් ලග මේ උපකරණ සියල්ලම  වාගේ දකින්න පුලුවන්. 
            Straight-through Cable එකක් භාවිතයට එන්නේ Mac devices to Non Mac devices  හෝ Non Mac devices to Mac devices කියලා මම පහුගිය ලිපියේ සදහන් කලා මතක ඇති. නමුත් වර්තමානය වන විට Straight-through Cable එක Mac to Mac devices සම්බන්ධ කිරීමටත් භාවිතා කරනවා. PC to PC කියන්නේ එක් උදාහරණයක්. PC එකක් ගත්තාම NIC එක Mac නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ වනවිට Straight-through Cable එකේ ගුණාත්මක බව ඉහල ගිහින් කියන එක නොවෙයි. Mac devices ඔනෑම ආකාරයකට සහය දක්වන විදිහට දියුණුවෙලා කියන එකයි.
      ඉතින්  කොහොමහරි අවශ් කරන දේවල් ටික හොයාගෙන තමන්ටම වුනත් මේවගේ කේබලයක් හදාගන්න පුලුවන් වුනානම් තෘප්තිය වගේම කේබලයට යන මුදලුත් ඉතුරැ කරගන්න හැකිවේවි. ගාන නම් හරියටම දන් නෑ මං. ඒත් මං හිතන්නේ අඩි 10ක් දිග  cat5e patch cord එකක් ලංකාවේ මුදලින් නම් Rs 150ක් පමණ වේව්. 

TO BE CON:-