පරිගණක ජාලකරණය පාඩම 9 - Straight-through and Crossover type
පෙර පාඩමෙන් කේබල්ස් පිලිබදව කතා කරලා ඉවර කලා. එතකොට අපි ජාලකරණයේදී වැදගත්වන කේබල්ස් ගැන කතා කල ලිපිවලට මෙන්න මේ ලින්ක් ඔස්සේ යන්න පුලුවන්.
1 Coaxial Cables
2 Twisted Pair Cables
UTP - Unshielded Twisted Pair
STP - Shielded Twisted Pair
3 Fiber Cables - මේ කේබල් වර්ගය පිලිබදව වෙනම කතා කර තිබෙන නිසා නැවත මතක් කරදෙන්න යන්නේ නෑ.
අද කතාකරන්න යන්නේ පරිගණක ජාලකරණ කටයුතුවලදී භාවිතා කරන Tools සහ Accessories පිළිබදවයි. මේ පාඩම් මාලාව කියවන්නේ ඒ පිළිබදව ඉදිරියට යන්න කැමති හා වැඩිදුර අධ්යනය කිරීමට අවශ්‍ය අය පමණයි කියන එකයි මගේ හැගීම. ඒත් ඉතින් එහෙමවත් කියවන අය අඩුද මන්දා කමෙන්ට් අඩුවෙන්නේ. ඒකට කමක් නෑ. මං ඔන්න ඔහේ ලියන්නයි කල්පනාව දිගටම. අන්තිමේදී මං හරි බලන්නේ නැතැයි කවදකහරි. ලියන්න දේවල් ගොඩක් තියෙන හින්දා පිලිවෙලට ඒවා සියල්ල පෙලගස්වාගන්න අමාරැයි වගේම සමහර තැන් මං අතින් ලියවෙන්නැතිවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන ඇහැ වැටෙන කෙනෙක් මට ඒ තැන් පෙන්වා දෙනමෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා. සාමාන්යයෙන් අපි පරිගණක ජාලයක් implement කිරීමේදී අවශ්‍ය වන උපාංග කිහිපයක් මූලිකව දැක්විය හැකියි.
1 Twisted pair Cable - මේ ගැන නම් ඔබ දැන් හොදටම දන්නවා ඇති. පසුගිය ලිපිවල විස්තර කලේ මේ ගැනයි. බොහෝවිට පරිගණක ජාල සදහා භාවිතා කරන්නේ Cat5, Cat5e, Cat6 යන වර්ගයි.
2 RJ45 connectors - ඔබ දැක ඇති අපේ නිවෙස් වල තියෙන රැහැන් සහිත දුරකථන සම්බන්ධ කිරීමට භාවිතා කරන connectors වර්ගය. RJ11 connectors කියලයි ඒවට කියන්නේ. ඒ වර්ගයට වඩා ටිකක් ලොකු වර්ගයක් එකක් තමා RJ45 connectors කියන්නේ. Twisted Pair කේබල්ස්වල දෙකෙලවර සම්බන්ධ කරන්නේ මෙම connectors වල ආධාරයෙන්. මේ connector වර්ගයේම තවත් වර්ගයක් තමයි Shielded Modular Plug RJ-45 කියන්නේ. පෙර ආකාරයේ කනෙක්ටරයක්මයි. මේවා බොහෝවිට භාවිතා කරන්නේ Shielded Twisted Pair කේබල්ස් සමගයි. එම කේබල්වල ඇති metallic cladding එකෙහි කෙලවරක් මේ connector එකේ ඇති metallic cladding එකත් සමග එක් වෙනවා. ඉන් පසු switch එක හරහා එය earth වීම සිදුවනවා. ඒ පිලිබදව ඉදිරියේදී කියන්නම්.
3 Network Interface Card - මේ නමින් හදුන්වන්නේ පරිගණකයේ තිබෙන ethernet card එකයි.
10 Base-2, 10 Base-5, 10 Base-T ආදී වශයෙන් කේබල්වල ආකාරයන් අපි නම් කල බවත් ඔබට මතක ඇති. නැවතත් ඒ ගැන කියනවා නම්, මෙහිදී 10, 100 හෝ 1000 ලෙස සදහන් කරන්නේ දත්ත ගෙනයාමේ උපරිම වේගයද, BASE ලෙස සදහන් කරන්නේ Ethernet වලට අලලා හදුන්වන Baseband එක යන්නද, අවසානයට එන T හෝ F අකුර මගින් කියවෙන්නේ Twisted pair හෝ Fiber Optic එකක් යන්නද මෙහිදී ප්රකාශ කරයි. තවද අවසානයට 2 හෝ 5 ලෙසින් දැක්වෙනවා නම් එයින් අදහස් කරන්නේ Co-axial cable වර්ගයක් (Thin හෝ Thik) බවත් මම නැවතත් මතක් කරනවා.
100BASE-TX ලෙසින් යම් තැනක දක්නට ලැබෙනවා නම් එහි අදහස,
Twisted pair රැහැන් වර්ගයකි. කේබලය තත්පරයට 100MB ක වේගයකින් තනි Segment එකකින් දත්ත ගෙනයාහැක. දැන් Segment කියන්නේ කුමක්ද? ඕනෑම කේබලයක් නොකඩවා එකදිගට lay කරන්න පුලුවන් ජාලය තුල භාවිතයට ගත හැකි උපරිම දුර ප්රමාණයටයි Segment එකක් කියලා අපි හදුන්වන්නේ. 1000BASE-T යනුවෙන් හදුන්වන විට එහි Segment එකක් තිබිය යුතු දුර 100m ක් බවයි සම්මතය. අපි තවත් දුරකට එය expand කරන්න හිතනවා නම් switch එකක්(හෝ එවැනි repeater එකක්) ඒ අවසාන කෙලවරට සම්බන්ධ කර ඒ මාර්ගයෙන් තවත් Segment එකක් යොදා වැඩි දුරක් යොමු කල හැකියි.
කේබලයක් නිර්මාණය වන ආකාරය
මේ තියෙන්නේ අපි Twisted Pair Cable එකක් කනෙක්ටරයක් හා සම්බන්ධ කරද්දී එය නියමිත color code වලට අනුව සම්බන්ධ කලයුතු ආකාරය දැක්වෙන රෑපසටහනකි. 568A ආකාරය Crossover type කියලත් අපි හදුන්වනවා. 568B ආකාරය Straight-through type නමිනුත් හැදින්විය හැකියි. මේ පිළිබදව සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරන්න මම බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. දැනට දල අදහසක් ලබාගන්න මේ ආකාරය wire color code එකට ගැලපෙන ආකාරයට connector එකක් හා සම්බන්ධ වන්නේ කෙසේද කියා.
මෙම ආකාරයේ connectors වල Drawing එකක්.
මීලග ලිපියෙන් Straight-through හා Crossover Cable method ගැන කතා කරන්නයි බලාපොරොත්තුව. ඒ හමුව තෙක් ඔබට ජය...
Rohan
1 comments:
godak pin api nodanna dewal me widihata kiyala denawata.
Post a Comment