Friday, March 18, 2011


යූ.එස්.බී. පෝර්ට් එකෙන් දැල්වෙන Night Lamp එකක් හදමුද?
ඉලෙක්ට්රොනික් වලට වගේම පරිඝණකයත් අපි කවුරුත් කවුරුත් ලැදියාවක් දක්වන නිසා අද මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යූ.එස්.බී පෝර්ට් එකෙන්  Night Lamp එකක් විදියට Super Bright  L.E.D 6ක් දල්වාගන්න පුළුවන් ඉතාමත් සරල ක්රමවේදයක් පිළිබදවයි. පරිගණකයක් අභ්යන්තරයේ ගමන් කරන්නේ වොල්ට් 5 සහ වෝල්ට් 12 විදුලියක් කියන එක අප කවුරුත් දන්නා දෙයක්නේ. යූඑස්බී පෝර්ට් එක හරහා පිටවෙන්නේ වෝල්ට් 5 විදුලියක්.
  වගේම තමයි යූ.එස්.බී. පෝර්ට් එකෙන් දෙපැත්තේ තිබෙන අග් දෙක (1,4) හරහා තමයි එයට සම්බන්ධිත උපකරණයට විදුලිය ලබාදෙන්නේත්. වගේම අතරමැද තිබෙන අග් දෙක (2,3) හරහා තමයි සම්බන්ධ වන උපාංගය හා දත්ත හුවමාරු කරගන්නේත්. නමුත් වර්ථමානයේ යූ.එස්.බී පෝර්ට් එකට සම්බන්ධ වන හැම උපාංගයක්ම දත්ත හුවමාරු කරගැනීමක් සිදු නොකරන බවත් පොදුවේ අප සැවොම දන්නා කරුණක්. උදාහරණ වශයෙන් යූ.එස්.බී. පෝර්ට් එකට සම්බන්ධ වන කුඩා විදුලි පංකා, විදුලි ලාම්පු සේම තාපක හා සිසිල්කරණ උපකරණත් දැක්විය හැකිය.

යූ.එස්.බී. පෝර්ට් එකට උපාංගයක් සම්බන්ධ කිරීමේදී අදාල උපාංගය මගින් පරිගණකය වෙත විදුලිය නොපැමිනෙණ ලෙසට එය නිර්මානය කිරීම වඩාත් වැදගත්. ඉහත පරිපථය මගින් එල්..ඩී 6ක් යූ.එස්.බී. පෝර්ට් එක මගින් දල්වාගත හැකි අතරම මේ සදහා මි.. 100කට අඩු ප්රමාණයකුයි අවශ් වන්නේ. මෙය වෝල්ට් 5කට සරිලන සේ සකසා ඇති අතර To pin 1 ලෙස සදහන් කර ඇති අග්රයට +5 විදුලියත් To pin 4 ලෙස සදහන් අග්රයට -V ලබා දිය හැකි අතර අදාල අග් යූ.එස්.බී පෝර්ට් එකෙගි 1වන සහ 4 වන අග් වලට නියමිත පරිදි සම්බන්ධකර ගත යුතුයි. එලෙසම මෙම පරිපථයට මෙයට වඩා එල්..ඩී සම්බන්ධ කිරීමත් නොකළ යුත්තේ යූ.එස්.බී. පෝර්ට් එක හරහා වැඩි වශයෙන් ධාරාව ලබාගැනීම මව් පුවරුවට හානි දායක විය හැකි බැවිනුයි. මේ සදහා අවශ් වන යූ.එස්.බී කේබලය සදහා ඉවත දමන හෝ පළුදු වූ කේබලයක පරිගණකයට සම්බන්ධ වන කොටස යොදා ගත හැකි අතරම එල්..ඩී බල්බ රැදවීම සදහා සුදුසු ආවරණයක් සදහා ප්ලාස්ටික් විදුලි පහණක මුහුණත කොටසත් යොදාගන්න. මෙම පරිපථය සම්බන්ධව ඔබගේ අදහස් හෝ යෝජනා කමෙන්ට් මගින් යොමු කරන්න.



ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Optical Fiber SETH

             අදත් කියන්න යන්නේ  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිතාවන තවත් එක් අවස්ථාවක් ගැනයි.මෙය නමින් OFSETH (Optical Fiber Sensors Embedded into technical Textile for Health-care) කියලා හදුන්වනවා. එනම් මිනිසාගේ සෞඛ්‍ය තත්වය මැන බෑලීමට භාවිතා කරන ඔප්ටිකල් ෆයිබර් වලින් තැනූ සංවේදී උපාංගවලින් හෙබි නවතම  තාක්ෂණික ඇදුමක් පිලිබදවයි අද කතා කරන්නේ. මෙම තාක්ෂණය SysTex සහ Proetex නමින් හදුන්වන European projects දෙකක සොයාගැනීමක්. මේ  OFSETH නම් වූ  medical examination kit එකෙන් සිදුකෙරෙන්නේ මිනිස් සිරැරේ සෞඛ්‍ය මට්ටම මැනබැලීම සදහා (health monitoring)  ඔප්ටිකල් ෆයිබර්  ආශ්‍රයෙන් තැනූ පද්ධතියක උපකාරය ලබාගැනීමයි. විශේෂයෙන් ඉහත ව්‍යාපෘතියේ අරමුණ මිනිස් සිරැරේ cardiac(හෘදය  ක්‍රියාකාරීත්වය) සහ respiratory (ක්‍රියාකාරීත්වය) පරීක්ෂාව සදහා සොයාගැනීම වුවද දැන් එයටත් වඩා පුලුල් වූ පරාසයකට මෙම තාක්ෂණය දියුණු වි පවතී.


             අපි  MRI examination එකක් උදාහරණයකට ගෙන බැලුවොත් අවුරැදු 15 වයස් සීමාවේ පසුවන ලමයින් බොහොමකටත්, බොහෝ වැඩිහිටියන්ටත් මෙම පරීක්ෂාවේදී නිර්වින්දනයක් අවශ්‍ය වෙනවා. ඒත්  OFSETH තාක්ෂණයේ පිහිටෙන් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරැන්ටත් අත්වෙන පහසුව අති විශාලයි. එහෙනම් ඉතින් ඉතා නුදුරේදීම ඔබේ මීලග medical examination එක ගොඩක් ලේසි වේවි. මොකද OFSETH නම් medical examination kit එක පැලදීම පමණයි සිදුකල යුතුවන්නේ. එය ඔබේ  heart rate එක, body temperature, blood diagnostic, breathing සහ  respiratory  activities ආදී සියලුම පරීක්ෂාවන් සැනෙකින් ගණනය කර වාර්තාවක් සපයනු ඇති. ඉතින් මේ  OFSETH ගැන තවත් දැනගන්න ඕනනම් ඔෆීෂියල් වෙබ් සයිට් එකටම ගිහින් බලන්න.


ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Indoor Lighting


                     ඔප්ටිකල් ෆයිබර් එකක් හරහා ලබාගත හැක්කේ අන්තර්ජාලය පමණක්ම නොවේ යන්න ඔබ දැනටමත් දන්නවානේ. ඉතින් අදත් කියන්න යන්නේ මෙම තාක්ෂණයේ බල මහිමය පැතිරැණු තවත් එක් පැත්තක් පිලිබදවයි. අද කියන්නේ ෆයිබර් ඔප්ටික්වලින් නිවෙස් ඇතුලත ආලෝකනය කරගන්නා නවතම තාක්ෂණයක් පිලිබදවයි.  ලෝකය පුරාම මේ වනවිටත් කාර්යාලවලට මෙන්ම නිවෙස්වලටත් ආලෝකය සපයන ප්‍රධාන මාධ්‍ය විදුලිබලයයි. නමුත් ඔප්ටිකල් ෆයිබර් කේබලය භාවිතාවෙන් ඉතා නුදුරේම අපේ නිවෙස් එළිය කරන්නටත් විදුලිබලය අවශ්‍ය නොවන කාලයක් ඒවි. සූර්යයාගේ ආලෝකය ඔප්ටිකල් ෆයිබර් එකක් දිගේ ඇවිත් අපේ නිවෙස් හා කාර්යාල එලිය කරනවනම් කොච්චර වටිනවද. විදුලිබලයට යන වියදම මෙන්ම හිටිඅඩියේ සිදුවන විදුලිය සිදලීම්වලිනුත් අපි බේරෙනවා නේද?



                            මෙහිදී නිවසේ හෝ කාර්යාලයේ වහලයේ සවිවන උපකරණයක් හරහා ලබාගන්නා සූර්යාලෝකය ඔප්ටිකල් ෆයිබර් එකක් හරහාම අවසානය දක්වා ගමන් කිරීමයි සිදුවන්නේ. මෙම තාක්ෂණය සූර්යකෝෂ හරහා විදුලිය ලබාගන්නා ක්‍රමයට තරමක් සමානයි.  ලංකාවේ නැතත් ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල්වල මෙසේ Fiber Optics Indoor Lighting සිදුකරදෙන ආයතන පවා බිහිවී තිබෙනවා.


                     දවල් කාලයේදී නම් ප්‍රමාණවත් තරම් ආලෝකය අපට ලබාගත හැකියි. නමුත් රාත්‍රියේදී මෙයින් ප්‍රයෝජන ගැනීමටනම් power store device එකක් අපට අවශ්‍ය වෙනවා. මෙහි ඇති අනෙක් අවාසිය නම් ආලෝකය අඩුවෙන් ලැබෙන වලාකුලු වැඩි දවසක හෝ වැස්ස දිගටම ලැබෙන වැහි කාලයේදී මෙහි භාවිතය තරමක් ගැටලු සහගත වීමයි. එයට පිලියමක් ලෙස  power store device එකක පිහිට ලබාගතහැකි නමුත් එයින් ලොකු කාල පරාසයක් ආවරණය කිරීමට නොහැකිවීමත් ගැටලුවක්.
        කෙසේ වෙතත්  මේ තාක්ෂණයේ පල ප්‍රයෝජන ඉතා ලග අනාගතයේදීම අප අතරටත් පැමිණෙනු ඇති.

Saturday, February 5, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Light Gloves



අද මං කියන්න යන්නේ Optical Fibers වලින් මේ වනවිට ලෝකයේ සිදු කර ඇති නව සොයාගැනීම් පිලිබදවයි. මිනිසාගේ කටයුතු පහසු කරගන්න ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යොදාගන්නේ අන්තර්ජාලය ආශ්රිගත කටයුතුවලදී විතරක් නෙවෙයි කියන එකට හොද උදාහරණ කිහිපයක් තමයි දෙන්නයි යන්නේ.
ඉහත රෑපයෙන් දැක්වෙන්නේ FIBER OPTICS LIGHT GLOVE එකක්. සාමාන්යෙශයන් අපි එදිනෙදා භාවිතා කරන GLOVE එකකට වඩා ගොඩක් වෙනස්. මෙහි ඉතා කුඩා බැටරි පැක් එකකුත් අන්තර්ගතයි. හරියටම නිකම් විදුලි පන්දමක ක්රිටයාකාරීත්වයට ‍සමානයි. නමුත් වැයවෙන විදුලි ප්රතමාණය ඉතා සීමිතයි. ඉතින් මේ රෑපසටහන බැලුවාම තේරැම් ගන්න පුලුවන් වේවි මෙහි සැකැස්ම පිලිබදව.



Battery pack - මෙම පද්ධතියට අවශ්යිකරන විදුලිය ලබා දෙන්නේ මෙමගිනි. කුඩා LED කිහිපයක්ද අන්තර්ගතයි.

Optical Fibers - ආලෝකය ගමන් කිරීමට ඔප්ටිකල් කේබල්ස් අතුරා ඇත.

Light direction - ආලෝකය යා යුතු දිශාව තීරණය කරන්නේ මෙමගිනි.

Quick Access Buttons - ආලෝක ධාරාවේ තීව්රීතාවය හා දිශාව පාලනය කිරීම සිදු කරයි.

Spot light - ආලෝක ධාරාව එකතු වී පිටතට ලබා දෙන්නේ මෙමගිනි.



මෙමගින් Fiber optics light ray එකක්, ඒ කියන්නේ කුඩා එහෙත් ඉතා තියුණු වූ ආලෝක ධාරාවක් එල්ල කරනවා අපේ ඇගිලි තුඩු අගින්. දැන් එයින් අපිට නිදහසේ අත එහි මෙහා කරමින් ඕනෑම වස්තුවක් නිරීක්ෂණය කල හැකියි. මහපට ඇගිල්ලට එන Quick access buttons හරහා මෙහි ආලෝක ධාරාවේ තීව්රකතාවය හා දිශාව පාලනය කල හැකියි. මේ උපකරණය ගොඩක්ම වැදගත් වෙන්නේ Dentists, surgeons, enforcement officers වගේ අයටයි. මොකද මේ gadget එකෙන් ඔවුන්ට නිරීක්ෂණය කලයුතු දේවල් ඕනෑම වෙනස්වු තත්වයක් යටතේ පහසුවෙන් කරගැනීමට ඉදිරියේදී හැකිවේවි.

තවත් ලිපියකින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය උපයෝගී කර‍ගත් තවත් නිපැයුමක් ගැන කතා කරමු. එතෙක් ඔබට ජය...