Monday, May 30, 2011


පරිගණක ජාලකරණය පාඩම 6 - Network Cabling

      අද නෙට්වර්ක් එකක් implement කිරීමේදී භාවිතා කරන අමුදුව් අතරින් වැදගත් ස්ථානයක් උසුලන නෙට්වර්ක් කේබල්ස් වර්ග ගැනත් ඒවායේ ස්වභාවය හා භාවිතය කෙසේද යන්න ගැනත් ගැඹුරින් කතාකරන්නයි මේ සූදානම. මං මීට පෙර ලිපියකින් මේ ගැන කෙටි විස්තරයක් කියලත් ඇති. ප්රධාන වශයෙන් නෙට්වර්ක් කේබල්ස් ආකාර තුනක් පවතිනවා. මේවා Harsh operating environment cables කියලත් හදුන්වනවා. එනම් කර්කශ පරිසරයන් තුල භාවිතයන් සදහායොදාගත හැකි කේබල්ස් යන්න ප්රකාශ කරනවා.

1   Coaxial Cables - කොඇක්ෂියල් රැහැන්
2   Twisted Pair Cables - යුගල රැහැන්
              UTP - Unshielded Twisted Pair
              STP - Shielded Twisted Pair
3   Fiber Cables - ප්රකාශ තන්තු (මේ පිලිබදව විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙන අතර, වැඩිදුර තොරතුරැ මේ අඩවියේම පලවෙන ෆයිබර් ඔප්ටික් තාක්ෂණය නමින් පලවෙන ලිපිපෙලින් සොයාගත හැක.


Coaxial Cables



            මුලින්ම කියන්න ඕන මේ Coaxial Cables වර්තමානයේදී නෙට්වර්ක් එකක් ඉම්ප්ලිමන්ට් කිරීමේදී යොදාගන්නේ ඉතාමත් කලාතුරකින් බව. ඔබ දැක ඇති ගෙදර TV එක හෝ VCR එක සම්බන්ධ කරන කේබලය. මෙය ඊට සමානයි.මෙය පිටතින් ඝන ආවරනයකින්(Outside Insulation) සමන්විත, ඊට ඇතුලින් copper mesh එකක්  braided කරන ලද copper cable එකකි. එනම් කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් වටා පරිවාරක shield එකක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් ඉහත පැවසූ ආකාරයට braided කරන ලද copper cable එකක් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී තිබෙනවා. මෙම කේබලයේ දෙපැත්තේ ඇති conductors එක සමාන axel එකකින් සම්බන්ධවන නිසා common center axial යන්න කෙටිකර මෙයට Co-axial යන නම ලබා දී ඇත.  දත්ත ගමන් කරන වේගය 400Mhz ඉහල පරාසයකිනි. අවටින් එන බාධාවන් මැඩගැනීමට හැකි ආකාරයේ ඉහල ප්රතිරෝධයක් මෙය සතුවන්නේ වටේට ඇති metal shield එක හේතුවෙනි. නමුත් මෙම කේබලයක් භාවිතා කල හැකි දුර ප්රමාණය ඉතා පහල අගයක් ගනී. උපරිම දුර ප්රමාණය 300-600 meters අතරේ භාවිතා කලහොත් උපරිම ප්රතිඵල ලබාගත හැකි අතර ඊටවඩා දුර යනවිට ජාලයෙන ලබාගතහැකි සාඵල්යතාවය අඩුවේ. නම්යශීලිත්වය අනෙක් කේබලවලට වඩා අඩු අතර සමහර සියුම් තැන් වලදී ස්ථාපනය කිරීමේ ගැටලු මතුවේ. මෙම කේබලය connect කිරීමේදී BNC(Bayonet Neill Concelman) නම් connector එක භාවිතා කරයි.  මෙම connectors වල තවත් ආකාර කිහිපයක් පවතිනවා. මෙතන දක්වපු BNC connector එකට අමතරව  T-connector, Barrel connector, Terminator යනුවෙන් ආකාර කිහිපයක් පවතී.  Coaxial Cables එකක් තවත් එකකින් සම්බන්ධ කිරීමට ගන්නා BNC connectors වල ආකාරයි.


වගේම Coaxial Cables වලත් ආකාර දෙකක් දක්නට හැකියි.


 Thick Coaxial Cable- මෙය Thick Wire ලෙසත් හදුන්වයි. මෙය Ethernet local area networks වලදී භාවිතාවට ගැනේ. මෙහි කවයේ විෂ්කම්භය inches 0.5 වන අතර  electromagnetic impedance(විද්යුත් චුම්බක සම්බාධනය)  50 ohms වේ. Ethernet using එක සදහා  මෙහි 10Base5 යනුවෙන් සම්මතයක්  IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්‍‍ට්රොනික  සම්මතයන් පිලිබද ආයතනය විසින්  ඉදිරිපත් කර ඇත.
 Thin Coaxial Cable - මෙය Thin Wire ලෙසත් හදුන්වන අතර  cheapernet, thin Ethernet, thinnet සහ thinwire Ethernet ආදී නම්ද භාවිතාකරයි. මෙහි කවයේ විෂ්කම්භය inches 0.2 වන අතර  electromagnetic impedance(විද්යුත් චුම්බක සම්බාධනය) එක Thick Coaxial Cableයේ පරිදිම වේ.Ethernet using එක සදහා  IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්‍‍ට්රොනික  සම්මතයන් පිලිබද ආයතනය විසින්  මේ සදහා ඉදිරිපත් කර ඇති සම්මතය   10Base2 යනුවෙන් හදුන්වයි.
දැන් මේ කියන base යන්න ගැනත් මට කියන්න වෙනවා. ඒකත් කතාකරලා ඉමුකෝ. නැත්නම් මේ ලිපි පෙල සම්පූර්ණ එකක් වෙන්නේ නැතිවෙනවා .

මේ 10Base2 හෝ 10Base5 යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?
මේවා යම් ආකාරයක standard ලෙසින් හදුන්වයි. මීට අමතරව 10Base-T, 100Base-TX, 10Base-F යනාදී භාවිතයන්ද පවතී.

10Base2 - මෙහිදී 10 යනුවෙන් හදුන්වන්නේ කුමන වේගයක් (MHz) තත්පරයකදී මෙම කේබලය විසින් ගනු ලබන්නේ යන්න පදනම් කරගෙනයි. Base  යනු Baseband යන්නයි. 2 යනු  අදාල Coaxial Cableයේ විෂ්කම්භය inches 0.2 නිසා එයින් බිදී ආවක් ලෙස සමහර තැන්වලදී හැදින්වෙන නමුත් හරිම අදහස නම් මේ කේබලයක තනි segment length එක 200 metersක් ලෙසඅනුමත කරන නිසා  එය එසේ යෙදෙන බවයි. 
10Base5 - මෙහිදීත් වේගය 10MHz ලෙසත්  Signal travel සිදුකරන ආකාරය Base යන්න උපයෝගී කරගෙන Baseband යනු අදහසත් ලබාදෙයි.5 යනු මේ කේබලය segment length එක 500 meters එය දක්වන ආකාරයයි.

10Base-T - තත්පරයට මෙගාබිට්ස් 10ක් (megabits per second)ගමන්කල හැකි,  Baseband ආකාරයට සංඥා travelling කරන  twisted pair cable එකක් යන්න අදහස් කරයි. මතක තබා ගත යුතු වැදගත් කරැණනම් මේ මෙගාබිට්ස් (megaBITS)හා මෙගාබයිට්ස්(megaBYTES) අතර විශාල වෙනසක් තිබෙන බවයි. T යන්නෙන් අදහස් කරන්නේ twisted pair cable යන්නයි.

10Base-F - මෙහි F යනු Fiber කේබලයකින් සම්බන්ධවන ලෙස අගවන ලකුණයි. 
දැන් ඔබට කොහේ හෝ මෙවැනි ආකාරයේ සටහනින් යුතුවූවක් දුටුවොත් යම් කිසි අදහසක් ගත හැකි වේවි.


මොනවද මේ Baseband සහ  Broadband?



            Data signals අපිට ආකාර දෙකකට network cable එකක් හරහා යැවිය හැකියි. broadband හෝ baseband යන ආකාරයන් හරහායි. හොදම උදාහරණය තමයි coaxial cableඑකක් හරහා සම්බන්ධවන televisionයක් ගත්විට අපට එයට ලැබෙන්නේ signals ආකාර දෙකක් හෝ තුනක් පමණයි. VHF, UHF1 යනාදී  සංඥාවන්. නමුත්  broadband signal එකකින් ලැබෙන සංඥාවලින් අපේ සැටලයිට් television එකෙන් විවිධ චැනල නැරඹිය හැකියි. Basebandවලදී  cable එකක් හරහා යවන්නේ single signal එකක්. මේ  ක්රමය Ethernet networks භාවිතා කරනවා. ඔට අමතරව අඩුවශයෙන් 10Broad3 standard එකේදිත් භාවිතා කරනවා. Baseband ක්රමයේදී කේබලය හරහා සංඥා යැවීමට ඉතා සරල transceiver එකක් ආධාරය ලබාගනී. නමුත් broadband ක්රමයේදී නම් සංකීර්ණ  transceiver එකක ආධාරය ලැබෙන අතර බොහෝ චැනල ප්රමාණයක් නැරඹිය හැක්කේද එබැවිනි.Baseband සරල  නමුත්  Base යනුවෙන් යෙදෙමින් එය වැඩිවශයෙන් Ethernet networks සදහා භාවිතයට ගැනේ.

         දැන් මට කියන්න තියෙන්නේ  මං කියන්න ආවේ එකක්, කියලා තියෙන්නේ වෙන එකක් වගේ ? කියලයි.කියන්න ආවේ කේබලින් ගැනයි. නමුත් ඉවරවෙලා තියෙන්නේ කොහෙවත් නැති එකකින් වගේ කියලයි මට හිතෙන්නේ.  අද කතා කලේ Network Cables යටතේ Coaxial Cables ගැන විතරයි. අවුලක් ගන්න එපා. ඊටත් වඩා වැදගත් දේවල් ටිකක් කියවිලා තියෙනවා මං හිතන්නේ අද. මට OSI LAYER MODELS ගැනත් තව දුරටත් කතාකරන්න තියෙනවා. ඒකත් කතා කරන්නම් අනෙක් ලිපියකින්. ඊලග ලිපියෙන් හමුවනතුරැ ජය...

IT Eng Rohan

Monday, April 11, 2011


           පරිගණක  ජාලකරණය ලිපි පෙල පමා වීම සම්බන්ධව  හැමදම බලන යාලුවො මගෙන් ඒ සම්බන්ධව විමසලා තිබුණා. විමසල කීවට මොකද සමහරැනම් මට ‍කේස් ෆයිල් කරලයි මැසේජ් කරලා තිබ්බේ. අහිතක් හිතන්න එපා  ජාලකරණය ලිපිපෙල පමා වීම සම්බන්ධව. මට මේ දවස්වල කුඹුරැ වැඩත් සෙට් වෙලා තියෙන්නේ. අපි ඉතින් කුරැණෑගල පැත්තේ ගැමියොනේ. මේ පාර නම් මට හිතේ හැටියට රස්තියාදුවක්වත් ගහන්න ලැබුනේ නෑ තවම .
   ඉතින්  අපි අවසානෙට නැවැත්වුවේ  TCP/IP යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදව කතාකරලා. ඊට පෙර ලිපිවලදී මෙහිම basic concepts කතාකලා මතක ඇතින්.අද කතා කරන්න යන්නේ TCP/IP Protocolසහ Layers සම්බන්ධව තවත් තොරතුරැයි. ඒ වගේම  TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය පිලිබදවත් කතාකරන්න අදහසක් තියෙනවා. 
 මම මිට පෙර සදහන් කල ආකාරයට සෑම TCP/IP Layer එකකට එයටම අදාල වු TCP/IP Protocol  තිබෙනවා විවිධවූ  කාර්යයන් සදහා. ඔයාල දන්නවනේ Application ,Transport, Internet, Link යනුවෙන් TCP/IP Layer හතරක් ඇතිබව  අපි ඒවා වෙන් වෙන්ව ගෙන විමසා බලමු. ඒ සදහා මේ රෑපසටහනත් උපකාරී කරගන්න. මෙහිදී Application Layer එකට අදාලව බහුලව භාවිත‍යට ගැනෙන  Protocols හයක් තිබෙනවා. මා මෙහිදී ඉතා සරලව නමුත් සවිස්තරාත්මකව මෙම Protocolයන් පිලිබදව වමසා බැලීමටයි මේ සූදානම. ඒ සදහා රෑපසටහන්ද උපයෝගී කරගන්න. මේ අප විමසා බැලීමට යන්නේ Application Layer එකට අදාල ‍ප්රොටෝකෝලයන් පිලිබදවයි. මේ  Protocol කියලා සිංහලෙන් හරියටම ටයිප් කරන හැටි දන්න කවුරැහරි ඉන්නවනම් මට කියලා දෙනවද. ට්‍රයි කලා ට්‍රයි කලා මට බැරිවුනානේ  ඒත්. "ප්රො" යන්න තමා ගන්න බැරි. 
1 HTTP - Hyper Text Transfer Protocol - 
 මෙය වනාහි අන්තර්ජාලය ඔස්සේ දත්ත ගමන් කිරීමට ගන්නා  Protocol ලෙස හැදින්විය හැක. මෙම HTT Protocol එක කිහිප විටක්ම වර්ෂන්ස් ලෙසින් විකාශය වී තිබෙනවා. උදාහරණ විදිහට HTTP 0.9/1.0 සහ HTTP 1.1 කියන්නෙත් ඒ ආකාරයේ විකාශනයන්. මෙම  Protocol එක  ප්‍රචලිතවීමට බලපෑ හේතුඅතර සරල සහ වේගවත් Protocolලයක් වීමත්විවිධ ආකාරයේ media types වලට support කිරීමත්, HTML format එක deployment format එක ලෙස භාවිතාවීමත්, OOC සාධකයත් යනාදිය(OOC යනු open, operation, close යන ආකාර තුන හදුන්වන කෙටි නමයි. HTT Protocol එක deployment format එක ලෙස භාවිතාවීමත් වෙගවත් වීමට මෙම සාධක තුන ඉවහල් වේ) මූලිකව දැක්විය හැකියි. 
2 FTP - File Transfer Protocol - 
මෙම Protocolයෙන් මූලික වශයෙන්ම සිදු කරන්නේ ජාලගත පරිගණක අතර හුවමාරැවන දත්ත අවශ්‍ය තැනට ගමනාන්තයට ගෙනයාමයි. 
3 SMTP- Simple Mail Transfer Protocol - 
මුලින්ම මම විද්‍යුත් ලිපියක් සදහා පොඩි පැහැදිලි කිරීමක් ‍දුන්නොත් විද්‍යුත් ලිපියක් යනුවෙන් අප හදුන්වන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා යවන sender address, receiver address, other information , Mail Header, Mail Body යනාදියේ සුසංයෝගයක්.ඉතින් මෙම Protocolය විද්‍යුත් ලිපි හුවමාරැව සදහා භාවිතා කරන Protocolයයි. මෙය 1982 දී හදුන්වාදෙන ලද්දක් වන අතර ජාලයක් ඇතුලතදී විශ්වාසවන්තව හා කාර්යක්ෂමව විද්‍යුත් ලිපි හුවමාරැව සදහා ඉඩ සලසා දෙයි.  SMT Protocolය සදහා SMTP clients සහ servers යනුවෙන්  දෙදෙනෙක් සිටින අතර ඒවාටත් User Agents(Prepares the message, encloses it in an envelope - Eudora for example) සහ  Mail Transfer Agent(Transfers the mail across the internet) යනුවෙන් තවත් දෙදෙනෙක්ගේ සහය ලබා ගනී. 
4 DNS - Domain Name System - 
මේ පිලිබදව නම් නතාකල යුතු නෑ. හැමෝම දන්නවා ඇති. මෙම Protocolය මගිනුයි අපේ host address එකට අපිව සම්බන්ධ කිරීම සිදුකරනු ලබන්නේ. එනම් මෙසේ යම් කිසි object එකක් naming කිරීමේ අරමුණ වනුයේ එහි නම(address) මතක තබා ගැනීමටත්, number එකක් මතක තබා ගැනීමට වඩා නම හෝ ලිපිනය මතක තබා ගැනීම පහසුවීමත් ආදී තවත් කරැණු කාරණා හේතුවෙනි. DNS එකකදී නමක් දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි. මෙය fully Qualified Domain Name (FQDN) ලෙස 
හැදින‍්වෙනවා.
WWW.NIC.OR.JP 
නමුත් මෙහි IP එක 202.103.12.52 විය හැකියි.
මිනිසා විසින් ඉහත name address එක භාවිතා කරන නමුත්  පරිගණක එය මගින් හදුනාගන්නේ IP එක මගිනි. 
5 RIP - Routing Information Protocol - 
RIP යනු වේගවත් සහ දුර දෛශිකය කරගත් Protocolයක්. මෙම Protocolය  හරහා routers මගින් එම routing information හුවමාරැ කරගැනීම සිදුකරනවා.
6 SNMP- Simple Network Management Protocol - 
මෙමගින් අපට ජාලය තුල භාවිතයට ගැනෙන servres සහ අනෙකුත් උපාංගවල හැසිරීම කලමණාකරණය කරගැනීමට උපකාරීවේ.
        අද මෙතැනින් පාඩම අවසන් කරන්නයි යන්නේ. මීටත් වඩා විස්තර කරන්න හිතුවත් අද වෙලාව මදි. තව ටිකක් උදේම නැගිට්ටා නම් අද තවත් ටිකක් ලියන්න තිබුණා. උදේම මාව ඇහැරැනෙත් මේ හදිසි මැසේජ් එකකින්. ඒ නැත්නම් මට අදත් මේ ලිපිය දාන්න වෙන්නේ නෑ. ඉතින්  ඊලග  ලිපියෙන් හමුවනතුරැ ඔබට ජය...ගැටලු ඇත්නම් යොමුකරන්න සහ අඩුපාඩු හා අපැහැදිලි තැන් ඇත්නම් පෙන්වා දෙන්න වෙනදා වගේම.

Friday, March 25, 2011

පරිගණක ජාලකරණය පාඩම 4






අපි පරිගණක ජාලකරණය පසුගිය පාඩමේදී සාකච්ඡා කලේ OSI Layers ඇසුරින් පරිගණකයකින් ජාලය තුල පිහිටි තවත් පරිගණකයකට දත්ත යැවීමට සූදානම් කරන ආකාරයත්, එම දත්ත අනෙක් පරිගනකයට යැවෙන ආකාරයත් පිලිබදවයි. මේ OSI Layers ගැන මතක තියාගන්න පහසු වෙන පොඩි ඉංගිරිසි වැකියක් ඔයාලට දෙන්න හිතුවා. ඒක පහුගිය ලිපියෙන් දෙන්න අමතක වුනානේ මට. "All People Seem To Need Data Processing" තමයි වැකිය. බලන්න රෑපය දිහා කොතරම් ලස්සනට ගැලපිලා තියෙනවද කියලා ඒක OSI Layers සමගින්.





පරිගණක ජාලකරණය පාඩම් මාලාව යටතේ අද කතා කරන්න යන්නේ TCP/IP(Transmission Control Protocol / Internet Protocol) යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදවයි. TCP/IP යනු අන්තර්ජාලයේදී සන්නිවේදනය සදහා භාවිතා කෙරෙන මූලික භාෂාවයි. එලෙසින්ම මෙය සන්නිවේදනයේ මූලික ආකෘතියක් ලෙසින් ජාලයකදීත් භාවිතයට ගැනෙනවා. මෙම පාඩමේදී TCP/IP මිශ්‍රණයක්, ජාලයක් තුලදී දත්ත යැවීමේදී හා ලබාගැනීමේදී ක්රියා කරන එයටම ආවේණිකවූ specific role එක පිලිබදව කතාබහකරමු. OSI කියන model එකට ලේයර හතක් තියෙන බවට අපි පහුගිය ලිපියේදී කතා කලා මතක ඇති. එහෙම නැත්නම් ඒ ලිපිය මෙතනින් ගිහින් කියවලම එන එක වැදගත්වේවි අපහසුවකින් තොරව පාඩම කරගෙන යාමට. ඉතින් මේ OSI කියන model එකට තියෙන ලේයර හතෙන් හයක්ම මේ TCP/IP යනුවෙන් හදුන්වන සන්නිවේදනයේ නිර්මිතයත් සමග කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ OSI එකේ layers 7ක් තියෙන නමුත් TCP/IP එකේ තියෙන්නෙ layers 4යි. සමහර තැනක මේ TCP/IP layers ගණන 5ක් ලෙසත් සදහන් වෙනවා දකින්න පුලුවන්. එයට හේතුව වන්නේ Network Access layer එක කොටස් දෙකකට බෙදා දැක්වීමයි. (physical හා data link) එවිට TCP/IP 4 layer හෝ 5 layer නිර්මිතයක් ලෙස ව්‍යවහාරයට එනවා. මතක තබා ගතයුතු කරැණ තමයි අවශ්‍ය නම් තමන්ගේ ජාලයේ වෙනසක් කිරීමට අවශ්‍ය අයෙකුට තමන්ගෙ අවශ්‍යතාවයේ හැටියට මෙම Layers සංඛ්‍යාව අඩු වැඩි කිරීම වුවත් කරගැනීමට පුලුවනි. මේ පිලිබදව වැඩිමනත් තොරතුරැ අවශ්‍යනම් මෙතැනින් සිංහල විකිපීඩියාවලට ගිහින් බලන්නත් පුලුවනි. ඉතින් දැන් බලමු අපි ඉහතින් සදහන් කල ඒ ලේයර් හතර මොනවද කියලා.



1 Application

2 Transport

3 Internet

4 Link



මෙම TCP/IP layers 4 OSI Layers ඇසුරින් විකාශනය වන ආකාරය මෙම රෑපසටහනින් දැක්වේ.







මෙය තේරැම් ගැනීම පහසු කරගැනීම සදහා අපි OSI Layers හා TCP/IP Model අතර ඇති සමානකම් හා අසමානකම් මොනවාද යන්න දැන් බලමු.





• මෙම දෙවර්ගයේම භාවිතාවන්නේ එකම ආකාරයේ layered architecture එකකි.

• OSI Layers හා TCP/IP Model layers වලින් කෙරෙන performe එකත් එක සමානයි.ෙ

• OSI model එකේ layers 7ක් ඇති අතර, TCP/IP නිර්මිතයේ තිබෙන්නේ layers 4ක් පමණයි.

• OSI model එකක් ගත් විට නිශ්චිත වශයෙන්ම මේ යැයි නම් කල services සහ protocols යනාදිය ගැබිවී ඇත. නමුත් TCP/IP නිර්මිතයේදී එය එසේ නොවේ.



අපි දැන් බලමු දත්ත පැකට්ටුවක් පරිගණක දෙකක් අතර ගමන් කරන්නේ කෙසේද කියා. එයට පහත රෑප සටහන උපයෝගීකරගන්න.





OSI model එකක් ගත් විට දත්ත පැකට් එකක් මොන මට්ටමේ ඇති layer එකක සිට යැව්වත් එය ගමන් කරන්නේ යට ඇති stages වලටයි. අවසානයේදී physical layer එක හරහා communication media එකට එනම් දත්ත ගෙනයන මාධ්‍යට ලගාවෙයි.මෙසේ Communication media එක හරහා ගමන් කල යුතු දුර ගමන් කර අවසන් වූ කල්හි නැවතත් පෙර පරිදිම physical layer එකේ සිට උඩට ඇති stages වලට ලගාවී අවසනදී දත්ත පැකටය එක එවන ලද layer එකට සමාන layer එකට ගොස් දත්තය අනෙක් පරිගණකයෙන් පෙන්වනු ලබනවා. මෙය ඉතා ක්ෂණිකව සිදුවන ක්රියාවලියක් වන අතර තනි ලේයර් දෙකක් අතර දත්ත හුවමාරැවනවා වැනි අදහසක් ලබා දෙයි. නමුත් මෙම process වන ක්රියාවලිය ලේයර් ගණනාවකින් යුක්තව සිදුවන සංකීර්ණ එකකි. ඒවගේම Layer එ‍කෙන් Layer එකට ඩේටා දැකිය හැකි ආකාරයත් විවිධ වූ ස්වරෑප ගන්නවා. මම ඒ ගැන කලින් ලිපියේදී විස්තර කලා මතක ඇති. උදාහරණයක් විදිහට දත්ත පැකටයක් බවට පත්වන ආකාරය දකින්න පුලුවන් Network layer එකේදීයි.



අද ලීවේ ටිකයි. මාත් එක්ක දිගටම රැදිල ඉන්න අය තරහ ගන්න එපා. මොකද මම ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ මේ දවස්වල. බෝවෙන උණක් හැදිලා. ගොඩදවසකින් මුකුත් ලීවේ නැති නිසයි ලියන්න හිතුණේ. ඉතින් එහෙනම් මීලග ලිපියෙන් අපි TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය විමසා බලමු