Wednesday, July 27, 2011


පරිගණක ජාලකරණය පාඩම 10 - How to Make a Network Patch Cable

                        කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ පාඩම් මාලාව ගොඩක් හිමින් යන්නේ, මට එහෙම හරියන් නෑ කියලා. එහෙම නැත්නම් අපිට ඔනේ වැඩ කරගන්න විදිහ විතරයි,  අනම් මනම් ඔනෙ නෑ කියලා හිතෙන්නත් පුලුවන්. ඉතින්  කේබල් එකක් හදාගෙන මෙහෙම මේ විදිහට වැඩකරගන්න පුලුවන් කියලා මටත් ලග පාරෙන්ම ඉවර කරන්නත් පුලුවන් මේ ලිපිපෙල. නමුත් මං හිතන්නේ වැදගත්ම දේ තමයි හිමින් හිමින් හෝ හරියට දැනගන්න එක. ඔයාලගේ අදහසුත් මට කියන්න සම්බන්ධව. එහෙම හොදද කියලා කියන්න පොඩි හරි කමෙන්ටුවකින්. අනික තමයි  හැම එකකම concepts වල ඉදලම මුල සිටන්ම දැනගත්තම ජාලයක් තුල පැනනගින ඕනම ගැටලුවක් solve කරන්නත් හරිම  ලේසියි.
                     පසුගිය ලිපියෙන් මම නැවැත්තුවේ Straight-through හා Crossover Cable පිලිබදව මේ ලිපියෙන් කතාකරන අදහසින්. අපි අද බලමු මේ ආකාර දෙක පිලිබදව සවිස්තරාත්මකව හා වෙලාව තිබ්බොත් කොහොමද මේ ආකාරයේ Patch Cable එකක් නිර්මාණය කරගන්නේ කියලත්.  RJ45 connector එකක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා ඇතිනේ. දන්නැත්නම් පහුගිය ලිපිය බලලම එන්න. ඉතින් මේ කනෙක්ටරයක වයර් සම්බන්ධ වෙන්නේ අපි ජාලය තුල භාවිතයට ගන්න බලාපොරොත්තු වෙන devices අනුවයි.  ඒවා Mac Devices හා  Nonmac Devices ලෙසින් ආකාර දෙකක් පවතිනවා. CCNA වගේ කරනව නම් තමා ඇත්තටම මේවා ගොඩක් වැදගත් වෙන්නේ. ඒත් මං කියන්නම් මේ ගැනත්.  අපි ජාලයක් ගොඩ නැංවීමේදී   PC එක හා සම්බන්ධ කිරීමට  Router, Switch, Hub වැනි devices යොදාගනු ලබනවා.  මේ devices අපි  Network devices ලෙසින් හදුන්වනවා. ඉතින් මේ devices වලට තියෙනවා MAC Address (Media Access Control) කියලා ලිපිනයක්.  MAC address එක කියන්නෙ සෑම mac supporting device එකකටම  අනන් වූ  අංකයක් කීවොත් නිවැරදියි. (කිසිම වෙලාවක එකම MAC එක උපකරණ දෙකකට පිහිටන්නේත් නැ) MAC Address එක network adapter එකට,  Switch එකට,  Router එකට  unique. ඒත්   Bridge, Hub, patch panel වගේ devices වලට ඔය කීව විදිහේ  MAC Address එකක් නෑ. ඒවා inteligent devices නෙමෙයි කියලා කියන්නත් පුලුවන්. ඉතින් අපි  MAC Address තියෙන ඒවා Mac Devices ලෙසත්  MAC Address නැති ඒවා  Nonmac Devices ලෙසත් වර්ග කරන්නේ ඔන්න ඔය ආකාරයටයි.  ඉතින් මේ Router, Switch වැනි උපාංගලවලට  Mac Address Table (MAT) කියලා table එකක් තියෙනවා.  වැදගත් දේ නම්  හැම switch එකකම  MAT (MAC Address Table) කියල එකක් switch හෝ Router එක විසින් නිර්මාණය කරගන්නව.   switch එකට  හෝ  Router එකට සම්බන්ධ උපකරන වල  MAC address එක හා අදාල port එක  Table එක මගින් මතක තියාගෙනයි ඉන්නේ. ඒකෙන් කියන්නෙ ඔහු තමන්ගෙ එක එක port වල ඉන්න අයගෙ  MAC Address individualy මතක තියාගෙන අර ඉස්සරල කීව  Table එකේ විස්තර ලියාගෙන ඉන්නවයි කියන එක. අපි බලමු මේ devices සම්බන්ධ වෙන කේබල්ස් ගැන දැන්.

1 Straight-through Cable -
          Mac devices to Non Mac devices 
          Non Mac devices to Mac devices
මේ ආකාරයේ කේබලයකින් අපි සම්බන්ධ කරන්නේ  MAC address එකක් ඇති හා නැති devices දෙකකුයි.
ex-  Router to Hub
       Bridge to NIC

මේ ආකාරයේ කේබලයක් හදාගන්න ආකාරය අපි බලමු. Straight-through Cable එකක් හදාගන්න ඔන color code එක මතකද.


මේ සදහා අපට අවශ් කරන්නේ UTP cable එකක්,  RJ45 connector එකක් මෙන්ම Tools වශයෙන් Crimping tool එකක්, UTP/STP Cable Strippers එකක් පමණයි.




 මේ ආකාරයේ කේබලයක් හදාගන්නේ කොහොමද කියලා මීලග ලිපියෙන් බලමු


IT Eng Rohan

Sunday, July 17, 2011

පරිගණක ජාලකරණය පාඩම 9 - Straight-through and Crossover type





      පෙර පාඩමෙන් කේබල්ස් පිලිබදව කතා කරලා ඉවර කලා. එතකොට අපි ජාලකරණයේදී වැදගත්වන කේබල්ස් ගැන කතා කල ලිපිවලට මෙන්න මේ ලින්ක් ඔස්සේ යන්න පුලුවන්.
1  Coaxial Cables
2  Twisted Pair Cables
              UTP - Unshielded Twisted Pair

              STP - Shielded Twisted Pair
3   Fiber Cables - මේ කේබල් වර්ගය පිලිබදව වෙනම කතා කර තිබෙන නිසා නැවත මතක් කරදෙන්න යන්නේ නෑ.        
      අද කතාකරන්න යන්නේ පරිගණක ජාලකරණ කටයුතුවලදී භාවිතා කරන Tools සහ  Accessories පිළිබදවයි. මේ පාඩම් මාලාව කියවන්නේ පිළිබදව ඉදිරියට යන්න කැමති හා වැඩිදුර අධ්යනය කිරීමට අවශ් අය පමණයි කියන එකයි මගේ හැගීම. ඒත් ඉතින් එහෙමවත් කියවන අය අඩුද  මන්දා කමෙන්ට් අඩුවෙන්නේ. ඒකට කමක් නෑ. මං ඔන්න ඔහේ ලියන්නයි කල්පනාව දිගටම. අන්තිමේදී  මං හරි බලන්නේ නැතැයි කවදකහරි.  ලියන්න දේවල් ගොඩක් තියෙන හින්දා පිලිවෙලට ඒවා සියල්ලපෙලගස්වාගන්න අමාරැයි වගේම සමහර තැන් මං අතින් ලියවෙන්නැතිවෙන්නත් ඉඩ තියෙනවා. නිසා ගැන ඇහැ වැටෙන කෙනෙක් මට තැන් පෙන්වා දෙනමෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා. සාමාන්යයෙන් අපි පරිගණක ජාලයක් implement කිරීමේදී අවශ් වන උපාංග කිහිපයක් මූලිකව දැක්විය හැකියි.


1         Twisted pair Cable ‍- මේ ගැන නම් ඔබ දැන් හොදටම දන්නවා ඇති. පසුගිය ලිපිවල විස්තර කලේ මේ ගැනයි. බොහෝවිට පරිගණක ජාල සදහා භාවිතා කරන්නේ Cat5, Cat5e, Cat6 යන වර්ගයි.

2   RJ45 connectors‍ - ඔබ දැක ඇති අපේ නිවෙස් වල තියෙන රැහැන් සහිත දුරකථන සම්බන්ධ කිරීමට භාවිතා කරන connectors වර්ගය. RJ11 connectors කියලයි ඒවට කියන්නේ.  වර්ගයට වඩා  ටිකක් ලොකු වර්ගයක් එකක් තමා RJ45 connectors කියන්නේ. Twisted Pair කේබල්ස්වල දෙකෙලවර සම්බන්ධ කරන්නේ මෙම connectors වල ආධාරයෙන්. මේ connector වර්ගයේම තවත් වර්ගයක් තමයි Shielded Modular Plug RJ-45 කියන්නේ. පෙර ආකාරයේ කනෙක්ටරයක්මයි. මේවා බොහෝවිට භාවිතා කරන්නේ Shielded Twisted Pair කේබල්ස් සමගයි. එම කේබල්වල ඇති metallic cladding  එකෙහි කෙලවරක් මේ connector එකේ ඇති metallic cladding  එකත් සමග එක් වෙනවා. ඉන් පසු switch එක හරහා එය earth වීම සිදුවනවා. පිලිබදව ඉදිරියේදී  කියන්නම්.



3   Network Interface Card - මේ නමින් හදුන්වන්නේ  පරිගණකයේ තිබෙන ethernet card  එකයි.

 
 
        10 Base-2, 10 Base-5, 10 Base-T ආදී වශයෙන් කේබල්වල ආකාරයන් අපි නම් කල බවත් ඔබට මතක ඇති.  නැවතත් ගැන කියනවා නම්, මෙහිදී  10, 100 හෝ 1000 ලෙස සදහන් කරන්නේ දත්ත ගෙනයාමේ උපරිම වේගයද,  BASE ලෙස සදහන් කරන්නේ Ethernet වලට අලලා හදුන්වන  Baseband එක යන්නද,   අවසානයට එන  T  හෝ F අකුර මගින් කියවෙන්නේ Twisted pair හෝ Fiber Optic එකක් යන්නද මෙහිදී ප්රකාශ කරයි. තවද අවසානයට 2 හෝ 5 ලෙසින් දැක්වෙනවා නම් එයින් අදහස් කරන්නේ Co-axial cable  වර්ගයක් (Thin‍ හෝ  Thik) බවත් මම නැවතත් මතක් කරනවා.

100BASE-TX ලෙසින් යම් තැනක දක්නට ලැබෙනවා නම් එහි අදහස,
Twisted pair රැහැන් වර්ගයකි.  කේබලය තත්පරයට  100MB වේගයකින් තනි  Segment  එකකින් දත්ත ගෙනයාහැක.  දැන් Segment කියන්නේ කුමක්ද? ඕනෑම කේබලයක් නොකඩවා එකදිගට lay කරන්න පුලුවන් ජාලය තුල භාවිතයට ගත හැකි උපරිම දුර ප්රමාණයටයි Segment එකක් කියලා අපි හදුන්වන්නේ. 1000BASE-T යනුවෙන් හදුන්වන විට එහි Segment එකක් තිබිය යුතු දුර 100m ක් බවයි සම්මතය. අපි තවත් දුරකට එය expand කරන්න හිතනවා නම් switch එකක්(හෝ එවැනි repeater එකක්) අවසාන කෙලවරට සම්බන්ධ කර මාර්ගයෙන් තවත් Segment එකක් යොදා වැඩි දුරක් යොමු කල හැකියි.


කේබලයක් නිර්මාණය වන ආකාරය
       මේ තියෙන්නේ අපි Twisted Pair Cable එකක් කනෙක්ටරයක් හා සම්බන්ධ කරද්දී එය නියමිත color code වලට අනුව සම්බන්ධ කලයුතු ආකාරය දැක්වෙන රෑපසටහනකි. 568A ආකාරය Crossover type කියලත් අපි හදුන්වනවා. 568B ආකාරය  Straight-through type නමිනුත් හැදින්විය හැකියි. මේ පිළිබදව සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරන්න මම බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. දැනට දල අදහසක් ලබාගන්න මේ ආකාරය wire color code එකට ගැලපෙන ආකාරයට connector එකක් හා  සම්බන්ධ වන්නේ කෙසේද කියා.





මෙම ආකාරයේ connectors වල Drawing එකක්.



 මීලග ලිපියෙන් Straight-through හා Crossover Cable method ගැන කතා කරන්නයි බලාපොරොත්තුව. හමුව තෙක්  ඔබට ජය...

Rohan