Wednesday, July 27, 2011


පරිගණක ජාලකරණය පාඩම 10 - How to Make a Network Patch Cable

                        කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ පාඩම් මාලාව ගොඩක් හිමින් යන්නේ, මට එහෙම හරියන් නෑ කියලා. එහෙම නැත්නම් අපිට ඔනේ වැඩ කරගන්න විදිහ විතරයි,  අනම් මනම් ඔනෙ නෑ කියලා හිතෙන්නත් පුලුවන්. ඉතින්  කේබල් එකක් හදාගෙන මෙහෙම මේ විදිහට වැඩකරගන්න පුලුවන් කියලා මටත් ලග පාරෙන්ම ඉවර කරන්නත් පුලුවන් මේ ලිපිපෙල. නමුත් මං හිතන්නේ වැදගත්ම දේ තමයි හිමින් හිමින් හෝ හරියට දැනගන්න එක. ඔයාලගේ අදහසුත් මට කියන්න සම්බන්ධව. එහෙම හොදද කියලා කියන්න පොඩි හරි කමෙන්ටුවකින්. අනික තමයි  හැම එකකම concepts වල ඉදලම මුල සිටන්ම දැනගත්තම ජාලයක් තුල පැනනගින ඕනම ගැටලුවක් solve කරන්නත් හරිම  ලේසියි.
                     පසුගිය ලිපියෙන් මම නැවැත්තුවේ Straight-through හා Crossover Cable පිලිබදව මේ ලිපියෙන් කතාකරන අදහසින්. අපි අද බලමු මේ ආකාර දෙක පිලිබදව සවිස්තරාත්මකව හා වෙලාව තිබ්බොත් කොහොමද මේ ආකාරයේ Patch Cable එකක් නිර්මාණය කරගන්නේ කියලත්.  RJ45 connector එකක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා ඇතිනේ. දන්නැත්නම් පහුගිය ලිපිය බලලම එන්න. ඉතින් මේ කනෙක්ටරයක වයර් සම්බන්ධ වෙන්නේ අපි ජාලය තුල භාවිතයට ගන්න බලාපොරොත්තු වෙන devices අනුවයි.  ඒවා Mac Devices හා  Nonmac Devices ලෙසින් ආකාර දෙකක් පවතිනවා. CCNA වගේ කරනව නම් තමා ඇත්තටම මේවා ගොඩක් වැදගත් වෙන්නේ. ඒත් මං කියන්නම් මේ ගැනත්.  අපි ජාලයක් ගොඩ නැංවීමේදී   PC එක හා සම්බන්ධ කිරීමට  Router, Switch, Hub වැනි devices යොදාගනු ලබනවා.  මේ devices අපි  Network devices ලෙසින් හදුන්වනවා. ඉතින් මේ devices වලට තියෙනවා MAC Address (Media Access Control) කියලා ලිපිනයක්.  MAC address එක කියන්නෙ සෑම mac supporting device එකකටම  අනන් වූ  අංකයක් කීවොත් නිවැරදියි. (කිසිම වෙලාවක එකම MAC එක උපකරණ දෙකකට පිහිටන්නේත් නැ) MAC Address එක network adapter එකට,  Switch එකට,  Router එකට  unique. ඒත්   Bridge, Hub, patch panel වගේ devices වලට ඔය කීව විදිහේ  MAC Address එකක් නෑ. ඒවා inteligent devices නෙමෙයි කියලා කියන්නත් පුලුවන්. ඉතින් අපි  MAC Address තියෙන ඒවා Mac Devices ලෙසත්  MAC Address නැති ඒවා  Nonmac Devices ලෙසත් වර්ග කරන්නේ ඔන්න ඔය ආකාරයටයි.  ඉතින් මේ Router, Switch වැනි උපාංගලවලට  Mac Address Table (MAT) කියලා table එකක් තියෙනවා.  වැදගත් දේ නම්  හැම switch එකකම  MAT (MAC Address Table) කියල එකක් switch හෝ Router එක විසින් නිර්මාණය කරගන්නව.   switch එකට  හෝ  Router එකට සම්බන්ධ උපකරන වල  MAC address එක හා අදාල port එක  Table එක මගින් මතක තියාගෙනයි ඉන්නේ. ඒකෙන් කියන්නෙ ඔහු තමන්ගෙ එක එක port වල ඉන්න අයගෙ  MAC Address individualy මතක තියාගෙන අර ඉස්සරල කීව  Table එකේ විස්තර ලියාගෙන ඉන්නවයි කියන එක. අපි බලමු මේ devices සම්බන්ධ වෙන කේබල්ස් ගැන දැන්.

1 Straight-through Cable -
          Mac devices to Non Mac devices 
          Non Mac devices to Mac devices
මේ ආකාරයේ කේබලයකින් අපි සම්බන්ධ කරන්නේ  MAC address එකක් ඇති හා නැති devices දෙකකුයි.
ex-  Router to Hub
       Bridge to NIC

මේ ආකාරයේ කේබලයක් හදාගන්න ආකාරය අපි බලමු. Straight-through Cable එකක් හදාගන්න ඔන color code එක මතකද.


මේ සදහා අපට අවශ් කරන්නේ UTP cable එකක්,  RJ45 connector එකක් මෙන්ම Tools වශයෙන් Crimping tool එකක්, UTP/STP Cable Strippers එකක් පමණයි.




 මේ ආකාරයේ කේබලයක් හදාගන්නේ කොහොමද කියලා මීලග ලිපියෙන් බලමු


IT Eng Rohan
Categories: