Thursday, January 20, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 7





ෆයිබර් ඔප්ටික් ලිපි මාලාවේ හත්වැනි ලිපියයි අද ඉදිරිපත් කරන්නේ. එසේම ෆයිබර් ටු ද හෝම් (FTTH)ලිපිපෙලේ දෙවැන්නයි . අලුත් තාක්ෂණයක් ගැන ඔයාලට කියලා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ හින්දා දන්න දේ නොපැකිල කියා දෙනවා. ඒත් මට වෙලාවකට හිතෙනවා අපේ කට්ටිය මේ ගැන ඉන්ටරෙස්ට් නැද්ද කියලත්. නැත්නම් තේරෙන්නේ නැති කමක් වගේවත්ද? හැබැයි මම දන්න තරමින් හොදට තමයි මේ පැහැදිලි කරන්නේ. කමක් නෑ ඉතින් දැනුම් පිපාසයෙන් පෙලෙන්නවුන් ඉන්නවා නම් බලා දැනුම ලබා ගනිත්වා. නේද? ඒ කොයි හැටි වෙතත් පහුගිය ලිපියෙන් FTTH යනු කුමක්ද යන්න පිලිබදව අපි කතා කලා මතක ඇති. මෙතනින් පහුගිය ලිපියට යන්නත් පුලුවන්. අද බලමු මේ තාක්ෂණයේ වාසි අවාසි හා ශක්ය තාවයන් පිලිබදව. ලෝකය පුරා නිවෙස් මිලියන දහයකටත් වඩා මේ තාක්ෂණයෙන් පල ලබා ගන්නවා.දැන් දැන් මැද පෙරදිගටත් මේ තාක්ෂණයේ සෙවනැල්ල වැටෙමින් තිබෙන බව මගේ මිතුරෙක් පැවසුවා. දැනට ඇති අනෙකුත් තාක්ෂණයන්ට සාපේක්ෂව ‍මෙවැනි Fiber based system එකක තියෙන වාසි වැඩි නිසා අපේ රටටත් මේ තාක්ෂනයේ පල ලගදීම ලැබෙනු ඇති. ඉතින් අපි බලමු මෙම තාක්ෂණයෙන් ගත හැකි Capabilities මොනවාද කියලා මුලින්ම.



1 වේගවත් සබදතාවයක් නිර්මාණය කිරීම - FTTH තාක්ෂණය වේගය පිලිබදව විශ්වාසය තැබිය හැකි තාකෂණයක්. මෙහි Data carrying capacity එක එනම් එකවිටකදී දත්ත ගෙනයාමට ඇති හැකියාව twisted pair conductors හෝ DSL හෝ coaxial cable වලට වඩා බොහොම ඉහල අගයකයි තියෙන්නේ. උදාහරණයක් විදිහට copper pair conductor එකක ගෙනියන්න පුලුවන් දුරකතන ඇමතුම් 6ක් පමණයි. නමුත් single fiber pair එකක දුරකතන ඇමතුම් මිලියන 2.5 කටත් වඩා ගෙනියන්න පුලුවන්. [source: Federal Communications Commission] ඉතින් මේ තාක්ෂණයෙන් කරන්න පුලුවන් දේවල් මේච්චරයි කියලා ලිමිට් කරන්න බෑ නේද.



2 ඉදිරි දශකයේදී ඇතිවන අන්තර්ජාල ඉල්ලුමට ඔරොත්තු දීමේ හැකියාව - FTTH කවුන්සිලය කියන ආකාරයට අඩු වියදමකින් හා විශ්වාසයෙන් යුතුව අනුමත කල හැකි තාක්ෂණයක් විදිහට මේ තාක්ෂණයේ පිහිට තමා තියෙන්නේ ඉදිරි දශකයේ ඇතිවන යෝජිත bandwidth ඉල්ලුම සපුරාගන්න නම්. මොකද මේ තාක්ෂණය පාරිභෝගික ඉල්ලුම මත ලාභ අපේක්ෂාවෙන් ව්යාතපාර ආදියටත් යොදාගත හැකියැයි FTTH කවුන්සිලය කියනවා. දැනටමත් ව්යාඅපාර දහස් ගණනක් තමන්ගේ ලෝක ව්යාාප්ත කටයුතු මේ තාක්ෂණය ඔස්සේ මෙහෙයවනවා.





3 පහසුවෙන් උසස් කල හැකිවීම හා අඩු වියදම - මෙවැනි Fiber based system එකක් පහසුවෙන්ම enhance කල හැකි අතරම දැනට පවතින අනෙකුත් technologies හා සමාන වියදමකින් හෝ සමහරවිට ඊටත් අඩු වියදමකින් establish කල හැක. FTTH Council එක කියන ආකාරයට පසුගිය දශකයේදී cable companies විසින් wire based system වලට කල වියදම හා සැලකීමේදී මේ තාක්ෂණයට අවතීර්ණවෙන එක ඩොලර් දහස් ගණනක් ඉතිරි කරනු ඇති.


4 දියුණුවන තාක්ෂණයක් මිස පහසුවෙන් නිමානොවෙන තාක්ෂණයක් වීම - මෙම FTTH එකක් තමන්ටම සුවිශේෂී වූ ආකාරයකට අන්තර්ජාල අවකාශය හසුරැවන බැවින් එහි ගුණාංග තවදුරටත් ඉහල දැමිය හැකි එයටම විශේෂිත වූ යම් උපකරණයක් ද අනාගතයේදී නිපදවිය හැක. එවැනි equipment එකකින් තත්පරයට ගිගාබයිට් 25ක් හෝ 30කට ආසන්න වේගයක් ලබා ගත හැකියැයි FTTH කවුන්සිලය පවසනවා. උදාහරණයක් ලෙසට රෑපවාහි‍නී විකාශයක් 3D ආකාරයට එනම් තාත්විත රෑප රාමු සජීවි බවකින් නැරඹීමේ හැකියාව ලැබා ගන්නත් පුලුවන් වේවි. එමෙන්ම නිවෙස්තුල සෑම උපාංගයක්ම අපිට දුර සිට අපි සිටිනා තැනක ඉදන් Remotey control කිරීමේ හැකියාව උදාවනු ඇති. ඉතින් දැනට භාවිතාවන wire based තාක්ෂණයන්ට එවැනි තාක්ෂණයක් අසලටවත් පැමිණිමට නොහැකියි.

5 අලුත් අදහස් අනුව නව නිර්මාණ ව්යානපාරික ලෝකයට ඇතුල්වීම - හිතන්න අපි විදුලිය හොයාගනිද්දී නිවෙස් එලිය කිරීමට එහාගිය අවශ්යනතාවයන් සපුරාගැනීමක් පිලිබදව ඒ අවදියේදී හිතන්න ඇත්ද. නෑ නේද. ඒත් දැන් විදුලිය අපේ entire life එකේ සෑම දෙයකටම අත්යාාවශ්යදයි. ඒ ඇසුරින් නිමැවුනු නිර්මාණ බොහෝයි. රැකියා ප්රමාණය අතිවිශාලයි. ඒ වගේ මේ Fiber based system එකක්පිලිබදවත් දැනට අන්තර්ජාලය සම්බන්ධ කරගෙනම හිතන්නේ නැතිව අවුටු ඔෆ් බොක්ස් හිතුවොත් බිහිවෙන්න තියෙන නව නිර්මාණ මෙතෙකැයි කියන්න බෑ.



6 එකවිටකදී සේවාවන් ගණනාවක් සදහා දොරටු විවර වීම - FTTH broadband connection එකකදී consumer හට communications services සියල්ලම "bundle" එකක් විදිහට ලබා ගත හැකියි. එනම් telephone, video, audio, television යන සේවාවන්ට අමතරව අනෙකුත් digital data streaming සේවාවන්ද මේ simple FTTH broadband connection එකක් හරහා ලබාගන්න පුලුවන්. උදාහරණයක් විදිහට පරණ “cable TV” කනෙක්ෂන් එක වෙනුවට higher streaming cable TV සබදතාවයක් ලබාගත හැකියි.



මෙපමණ වෙලා අපි කතා කලේ FTTH broadband connection එකකදී අපිට ලබා ගත හැකි ශක්ය තාවයන් මොනවාද යන්නයි.ඉතින් ඉහත දැක්වූයේ එවැනි කිහිපයක් පමණයි. තවත් තිබෙනවා. දැන් අපි බලමු wire based system එකක් හා Fiber based system එකක් කම්පෙයාර් කිරීමේදී Fiber based system එකකින් ලැබිය හැකි වාසි මොනවද කියලා.



1 Better quality voice services - ඉහල ගුණාත්මයෙන් යුත් ඇමතුම් ලබා ගත හැකි වීම.


2 Higher quantity and quality video services - copper network එකක් හරහා පැමිණෙන video එකකට වඩා අන්කර්ගතය හොද හා ගුණාත්මය වැඩි video services එකක් ලබා ගැනීමේ හැකියාව.


3 Home Video Access to Association Meetings - Local Area Network එකක් තුලදී ඉහල අගයකින් යුත් Video conferencing සේවාවක් ලබා ගැනීමේ හැකියාව. මෙයට Home Video Security system එකක්ද අයත් වේ.CCTV කැමරා පද්ධතියක් දියුණු තලයකට උසස් කොට ගෙන ඒමට මෙමගින් හැකිය.

4 Interactive virtual “office visits” - දුර සිට තමන්ගේ කාර්යාල කටයුතු සෝදිසි කර සොයා බලා ඉටු කිරීම.


5 virtual classroom - මෙයට Virtual parent/teacher conferences, classes in local universities ආදිය අදාල වේ. දුර සිටින guest lecturer කෙනෙක්ට තමන්ගේ මෙහෙයුම් සිටින තැන සිටම ඉටු කොට ගත හැක.




6 Work-at-Home - FTTH එක තුලින් නිවෙස තමන්ගේ රාජකාරිමය ස්ථානය බවට අනාගතයේදී පත්වනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.



7 On-line Game Playing - ඉහල ගුණාත්මයෙන් යුතු තාත්වික පරිගණක ක්රීඩා තමන්ගේ පරිගණකයට බාගත නොකොට සයිබර් අවකාශය තුලදීම play කල හැකි වීම. එම පරිගණක ක්රීඩා වල රෑප digital data higher streaming යටතේ Delay වීමකින් තොරව ප්ලේ වනු ඇති.



8 Sharing Personal Pictures / Videos - high-quality digital pictures සහ videos සයිබර් සපේස් එන තුලදී තමන්ගේ පරිගණකයේ ඇති එක් පාටිෂන් එකකින් තවත් පාටිෂන් එකකට කොපි කරනවා වැනි වේගයකින් Sharing පහසුකම ලබා ගැනීමට හැකිවීම.



9 Video Surveillance - Swimming pool monitoring, Peace of mind when only one person is at home (උදා- Nanny-cam / babysitter-cam) ආදින් යටතේ වීඩියෝ කැම් එකක් අධාරයෙන් පරීක්ෂා කිරීම් ඉටු කොට ගතහැකි වීම.



10 Web-connected video players - Internet video shift from PC’s to living room TVs සහ එම වීඩියෝ Apple TV, iPOD, X-BOX තුලට ලබා ගැනීම.



11 Internet video distribution - උදාහරණයක් ලෙසට Olympic coverage එකකදී අති විශාල කවරේජ් එකක් පහසුවෙන් maintain කිරීමේ හැකියාව දැක්විය හැක. තමන්ගේ වටපිටාවක හෝ කාර්යාලයක සිදුවන යම් කිසි event එකක් මේ ආකාරයට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ Live streaming කල හැක.


ඉතින් තවත් නොකී වාසීන් ‍මෙවැනි සබදතාවයකින් නිවසකට ලබාගන්න පුලුවන්. මෙය හදුන්වන්න පුලුවන් හොදම විදිහ තමයි potential bandwidth එකක් ලබාගත හැකි enhance කල හැකි virtually unlimited සබදතාවයක් විදිහට. තවත් ලිපියකින් මුණ ගැහෙන තුරැ සැමට ජය...



Categories:

0 comments: