Saturday, February 5, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Light Gloves



අද මං කියන්න යන්නේ Optical Fibers වලින් මේ වනවිට ලෝකයේ සිදු කර ඇති නව සොයාගැනීම් පිලිබදවයි. මිනිසාගේ කටයුතු පහසු කරගන්න ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යොදාගන්නේ අන්තර්ජාලය ආශ්රිගත කටයුතුවලදී විතරක් නෙවෙයි කියන එකට හොද උදාහරණ කිහිපයක් තමයි දෙන්නයි යන්නේ.
ඉහත රෑපයෙන් දැක්වෙන්නේ FIBER OPTICS LIGHT GLOVE එකක්. සාමාන්යෙශයන් අපි එදිනෙදා භාවිතා කරන GLOVE එකකට වඩා ගොඩක් වෙනස්. මෙහි ඉතා කුඩා බැටරි පැක් එකකුත් අන්තර්ගතයි. හරියටම නිකම් විදුලි පන්දමක ක්රිටයාකාරීත්වයට ‍සමානයි. නමුත් වැයවෙන විදුලි ප්රතමාණය ඉතා සීමිතයි. ඉතින් මේ රෑපසටහන බැලුවාම තේරැම් ගන්න පුලුවන් වේවි මෙහි සැකැස්ම පිලිබදව.



Battery pack - මෙම පද්ධතියට අවශ්යිකරන විදුලිය ලබා දෙන්නේ මෙමගිනි. කුඩා LED කිහිපයක්ද අන්තර්ගතයි.

Optical Fibers - ආලෝකය ගමන් කිරීමට ඔප්ටිකල් කේබල්ස් අතුරා ඇත.

Light direction - ආලෝකය යා යුතු දිශාව තීරණය කරන්නේ මෙමගිනි.

Quick Access Buttons - ආලෝක ධාරාවේ තීව්රීතාවය හා දිශාව පාලනය කිරීම සිදු කරයි.

Spot light - ආලෝක ධාරාව එකතු වී පිටතට ලබා දෙන්නේ මෙමගිනි.



මෙමගින් Fiber optics light ray එකක්, ඒ කියන්නේ කුඩා එහෙත් ඉතා තියුණු වූ ආලෝක ධාරාවක් එල්ල කරනවා අපේ ඇගිලි තුඩු අගින්. දැන් එයින් අපිට නිදහසේ අත එහි මෙහා කරමින් ඕනෑම වස්තුවක් නිරීක්ෂණය කල හැකියි. මහපට ඇගිල්ලට එන Quick access buttons හරහා මෙහි ආලෝක ධාරාවේ තීව්රකතාවය හා දිශාව පාලනය කල හැකියි. මේ උපකරණය ගොඩක්ම වැදගත් වෙන්නේ Dentists, surgeons, enforcement officers වගේ අයටයි. මොකද මේ gadget එකෙන් ඔවුන්ට නිරීක්ෂණය කලයුතු දේවල් ඕනෑම වෙනස්වු තත්වයක් යටතේ පහසුවෙන් කරගැනීමට ඉදිරියේදී හැකිවේවි.

තවත් ලිපියකින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය උපයෝගී කර‍ගත් තවත් නිපැයුමක් ගැන කතා කරමු. එතෙක් ඔබට ජය...

Categories:

0 comments: