Friday, March 18, 2011


යූ.එස්.බී. පෝර්ට් එකෙන් දැල්වෙන Night Lamp එකක් හදමුද?
ඉලෙක්ට්රොනික් වලට වගේම පරිඝණකයත් අපි කවුරුත් කවුරුත් ලැදියාවක් දක්වන නිසා අද මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යූ.එස්.බී පෝර්ට් එකෙන්  Night Lamp එකක් විදියට Super Bright  L.E.D 6ක් දල්වාගන්න පුළුවන් ඉතාමත් සරල ක්රමවේදයක් පිළිබදවයි. පරිගණකයක් අභ්යන්තරයේ ගමන් කරන්නේ වොල්ට් 5 සහ වෝල්ට් 12 විදුලියක් කියන එක අප කවුරුත් දන්නා දෙයක්නේ. යූඑස්බී පෝර්ට් එක හරහා පිටවෙන්නේ වෝල්ට් 5 විදුලියක්.
  වගේම තමයි යූ.එස්.බී. පෝර්ට් එකෙන් දෙපැත්තේ තිබෙන අග් දෙක (1,4) හරහා තමයි එයට සම්බන්ධිත උපකරණයට විදුලිය ලබාදෙන්නේත්. වගේම අතරමැද තිබෙන අග් දෙක (2,3) හරහා තමයි සම්බන්ධ වන උපාංගය හා දත්ත හුවමාරු කරගන්නේත්. නමුත් වර්ථමානයේ යූ.එස්.බී පෝර්ට් එකට සම්බන්ධ වන හැම උපාංගයක්ම දත්ත හුවමාරු කරගැනීමක් සිදු නොකරන බවත් පොදුවේ අප සැවොම දන්නා කරුණක්. උදාහරණ වශයෙන් යූ.එස්.බී. පෝර්ට් එකට සම්බන්ධ වන කුඩා විදුලි පංකා, විදුලි ලාම්පු සේම තාපක හා සිසිල්කරණ උපකරණත් දැක්විය හැකිය.

යූ.එස්.බී. පෝර්ට් එකට උපාංගයක් සම්බන්ධ කිරීමේදී අදාල උපාංගය මගින් පරිගණකය වෙත විදුලිය නොපැමිනෙණ ලෙසට එය නිර්මානය කිරීම වඩාත් වැදගත්. ඉහත පරිපථය මගින් එල්..ඩී 6ක් යූ.එස්.බී. පෝර්ට් එක මගින් දල්වාගත හැකි අතරම මේ සදහා මි.. 100කට අඩු ප්රමාණයකුයි අවශ් වන්නේ. මෙය වෝල්ට් 5කට සරිලන සේ සකසා ඇති අතර To pin 1 ලෙස සදහන් කර ඇති අග්රයට +5 විදුලියත් To pin 4 ලෙස සදහන් අග්රයට -V ලබා දිය හැකි අතර අදාල අග් යූ.එස්.බී පෝර්ට් එකෙගි 1වන සහ 4 වන අග් වලට නියමිත පරිදි සම්බන්ධකර ගත යුතුයි. එලෙසම මෙම පරිපථයට මෙයට වඩා එල්..ඩී සම්බන්ධ කිරීමත් නොකළ යුත්තේ යූ.එස්.බී. පෝර්ට් එක හරහා වැඩි වශයෙන් ධාරාව ලබාගැනීම මව් පුවරුවට හානි දායක විය හැකි බැවිනුයි. මේ සදහා අවශ් වන යූ.එස්.බී කේබලය සදහා ඉවත දමන හෝ පළුදු වූ කේබලයක පරිගණකයට සම්බන්ධ වන කොටස යොදා ගත හැකි අතරම එල්..ඩී බල්බ රැදවීම සදහා සුදුසු ආවරණයක් සදහා ප්ලාස්ටික් විදුලි පහණක මුහුණත කොටසත් යොදාගන්න. මෙම පරිපථය සම්බන්ධව ඔබගේ අදහස් හෝ යෝජනා කමෙන්ට් මගින් යොමු කරන්න.


Categories:

0 comments: