Friday, March 18, 2011


ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Optical Fiber SETH

             අදත් කියන්න යන්නේ  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිතාවන තවත් එක් අවස්ථාවක් ගැනයි.මෙය නමින් OFSETH (Optical Fiber Sensors Embedded into technical Textile for Health-care) කියලා හදුන්වනවා. එනම් මිනිසාගේ සෞඛ්‍ය තත්වය මැන බෑලීමට භාවිතා කරන ඔප්ටිකල් ෆයිබර් වලින් තැනූ සංවේදී උපාංගවලින් හෙබි නවතම  තාක්ෂණික ඇදුමක් පිලිබදවයි අද කතා කරන්නේ. මෙම තාක්ෂණය SysTex සහ Proetex නමින් හදුන්වන European projects දෙකක සොයාගැනීමක්. මේ  OFSETH නම් වූ  medical examination kit එකෙන් සිදුකෙරෙන්නේ මිනිස් සිරැරේ සෞඛ්‍ය මට්ටම මැනබැලීම සදහා (health monitoring)  ඔප්ටිකල් ෆයිබර්  ආශ්‍රයෙන් තැනූ පද්ධතියක උපකාරය ලබාගැනීමයි. විශේෂයෙන් ඉහත ව්‍යාපෘතියේ අරමුණ මිනිස් සිරැරේ cardiac(හෘදය  ක්‍රියාකාරීත්වය) සහ respiratory (ක්‍රියාකාරීත්වය) පරීක්ෂාව සදහා සොයාගැනීම වුවද දැන් එයටත් වඩා පුලුල් වූ පරාසයකට මෙම තාක්ෂණය දියුණු වි පවතී.


             අපි  MRI examination එකක් උදාහරණයකට ගෙන බැලුවොත් අවුරැදු 15 වයස් සීමාවේ පසුවන ලමයින් බොහොමකටත්, බොහෝ වැඩිහිටියන්ටත් මෙම පරීක්ෂාවේදී නිර්වින්දනයක් අවශ්‍ය වෙනවා. ඒත්  OFSETH තාක්ෂණයේ පිහිටෙන් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරැන්ටත් අත්වෙන පහසුව අති විශාලයි. එහෙනම් ඉතින් ඉතා නුදුරේදීම ඔබේ මීලග medical examination එක ගොඩක් ලේසි වේවි. මොකද OFSETH නම් medical examination kit එක පැලදීම පමණයි සිදුකල යුතුවන්නේ. එය ඔබේ  heart rate එක, body temperature, blood diagnostic, breathing සහ  respiratory  activities ආදී සියලුම පරීක්ෂාවන් සැනෙකින් ගණනය කර වාර්තාවක් සපයනු ඇති. ඉතින් මේ  OFSETH ගැන තවත් දැනගන්න ඕනනම් ඔෆීෂියල් වෙබ් සයිට් එකටම ගිහින් බලන්න.

Categories:

0 comments: